ලොව දෙවැනියට වැඩිම ආසාදිතයන් ඉන්දියාවෙන්

0
39

 

ඉන්දියාවේ කොරෝනා දත්ත විමසා බලන විට එරට ආසාදිතයන් 10,495,147ක් වාර්තා වී ඇති අතර එය ලොව කොරෝනා ආසාදිතයන් ගණන අතරින් දෙවැනි ස්ථානයේ පවතින රටයි. ක්‍රියාකාරී කොරෝනා ආසාදිතයන් ගණන 214,507ක් වන අතර එරට මේ වයිරස ව්‍යාප්තිය නිසා මිය ගිය ගණන 151,529කි. මේ අනුව කොරෝනා වයිරසය ආසාදනය වුණු පිරිසෙන් සියයට 96.51ක් සුවය ලබා ඇති අතර තවමත් වයිරසය ආසාදනය වී පවතින්නේ සියයට 2.04ක වන අතර මියගිය ප්‍රතිශතය 1.44ක් වේ.

තවද එරට සුවය ලැබූ සංඛ්‍යාව 17,817කින් ඉහළ ගොස් ඇති අතර වයිරසය ශරීරගත වී ඇති පිරිස 2,051කින් පහළ බැස තිබේ. මරණ සංඛ්‍යාව 202කින් ඉහළ ගොස් තිබේ. ඉන්දියාවේ වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වෙන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වන අතර එය 1,974,488කි. එයින් සියයට 95ක්ම සුවය ලබා ඇත. වයිරසය ක්‍රියාකාරීව පවතින්නේ සියයට 2.7ක් වන 53,067ක් වන පිරිසකගේය.

කර්ණාටක, අන්ද්‍රා ප්‍රදේශ්, තමිල්නාඩු සහ කේරළ ප්‍රාන්තවල පිළිවෙළින් 928,806ක්, 885,234ක්, 827,614ක් සහ 819,765ක් රෝගීන් මෙතෙක් වාර්තා වී තිබේ. මේ සියලුම ප්‍රාන්තවල සුවය ලැබීමේ ප්‍රතිශතය සියයට 98ට වැඩියෙන් පවතියි. දිල්ලි අගනුවර ආසාදිතයන් 630,892ක් වාර්තා වී ඇති අතර සුවය ලැබීමේ ප්‍රතිශතය සියයට 98කි. එහි ක්‍රියාකාරී මට්ටමේ සිටින්නේ ආසාදිතයන්3,179ක් හෙවත් සියයට 0.5ක් පමණි.

අඩුවෙන්ම ආසාදිතයන් වාර්තා වන ජම්මු කාශ්මීර සහ ඡාර්කාන්ද් ප්‍රාන්තවල ආසාදිතයන් 122,764ක් සහ 117,088ක් වාර්තා වී තිබේ. මේ දෙකේම පිළිවෙළින් සියයට 97ක සහ 98ක ප්‍රතිශතයක් සුවය ලබා ඇත.

මරණ ප්‍රමාණය විමසීමේ දී මහාරාෂ්ට්‍ර, කර්ණාටක, අන්ද්‍රා ප්‍රදේශ්, තමිල්නාඩු, කේරළ ප්‍රාන්තවල පිළිවෙළින් 50,151ක්, 12,149ක්, 7,133ක්, 12,236ක්, 3,347ක් වාර්තා වී තිබේ. දිල්ලිවලින් හා උත්තර් ප්‍රදේශ්වලින්ද වැඩිපුර මරණ වාර්තා වී තිබේ. ඒවා පිළිවෙළින් 10,707ක් සහ 8,514ක් වේ.

ඉන්දියාවේ කොවිඩ් පැතිරීම ගැන විමසන විට පෙනී යන්නේ සංවර්ධනයෙන් වැඩි, ජනගහනය වැඩි ප්‍රදේශවල වයිරසය පැතිරීම වැඩි වී ඇති බවයි.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගමේ පර්යේෂණ දායකත්වයෙන් ඉදිරිපත් කරන ඉන්දියාවේ භරත් බයෝටෙක් නිෂ්පාදනය කරන කොවිෂීල්ඩ් එන්නත එරට වැඩි වශයෙන්ම භාවිතයට ගැනෙන එන්නතයි. එය තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැවැසීය. මේ වසරේ දී මිලියන 300ක ජනතාවකට කොවිඩ්-19 එන්නත ලබා දීමට අපේක්ෂා කරන ඉන්දියාව තම රටේ සෞඛ්‍ය සේවකයන් 385,000කට එන්නත මුලින්ම ලබා දීමට කටයුතු සංවිධානය කර ඇත.

බුද්ධි කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here