සැඟවුණු පිළිතුරෙන් පණ ලැබුණු

    0
    6

    බී.ඒ.ඩබ් ජයමාන්න කියන්නේ හරිම අපූරු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඔහු එක්තරා කාලයකදී ඉංග්‍රීසි හෝඩියේ තියෙන අකුරු පිළිවෙලට චිත්‍රපට නිර්මාණය කළා. ඉන් පස්සෙ කාලෙකදි ඔහු නාට්‍යයක් මුල්කර ගත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නක් පෙලඹුණා. මේ චිත්‍රපටය තමයි “සැඟවුණු පිළිතුර.”

    බී.ඒ.ඩබ් ජයමාන්නගෙ චිත්‍රපට නිශ්පාදය කරන්න සම්බන්ධ වුණේ සිලෝන් තියර්ටස් සමාගමයි. නළු නිළියන් විදිහට මේ සඳහා සම්බන්ධ කර ගත්තේ ගත්තේ සිංහල සිංහල සිනමාවේ නිළි රැජන විදිහට හඳුන පුහුණු රුක්මණී දේවියවයි. ලැටීෂියා පීරිස් , එඩී ජයමාන්න සෙසු චරිතයන්ට පණ දෙනකොට ඔහු මේ සඳහා නවක නළුවෙක් විදියට යොදා ගත්තේ වික්ටර් කුරේරා.

    නමුත් හොඳම දේ ඒක නොවෙයි. ඔහු පර්යේෂණාත්මක කාර්යයක් මේ චිත්‍රපටය සමඟ ආරම්භ කළා. ඔහුට අවශ්‍ය වුණා “සැඟවුණු පිළිතුර” ආශ්‍රයෙන්ම දෙමල චිත්‍රපටය නිර්මාණය කරලා ඒ චිත්‍රපටයත් මේ දර්ශන තලයේදී රෑගත කරන්න ඕනය කියලා. ඔහු මේ කාර්යයට අත ගැසුවේ කිසිම පැකිළීමකින් තොරව.

    සිංහල චිත්‍රපට දර්ශනය අවසන් වනවාත් සමඟම ඒ දර්ශන තලයේම දෙමළ චිත්‍රපටයත් රූගත කළා. එය තමයි ලංකාවේ සිනමාවේ ඒ වගේ කාර්යයක් වුණු ප්‍රථම වතාව. කොහොම උනත් අවසානයේදී සිංහල චිත්‍රපටයත් සමඟම දෙමළ චිත්‍රපටයේ වැඩ අවසන් වෙලා තිබුණා. චිත්‍රපටය තමයි ‘කුසුමලතා”.

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here