ඔලිම්පික් මීටර් 100 කඩුලු පැනීමේ ශූරී අමෙරිකානු ජාතික බ්‍රියානා මැක්නෙල්ට තහනම් උත්තේජක නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත මලල ක්‍රීඩා සඳහා තාවකාලික තහනමක් පනවා තිබේ.
‘ප්‍රතිඵල කළමනාකරණ ක්‍රියාවලිය අවුල් කිරීම’ සම්බන්ධයෙන් බ්රියානාට චෝදනා එල්ල වී ඇති බව මලල ක්‍රීඩා අඛණ්ඩතා ඒකකය පවසයි.
29 හැවිරිදි බ්‍රියානා 2016 රියෝ ඔලිම්පික් උලෙළේදී රන් පදක්කම දිනාගත් අතර, මීට වසර තුනකට පෙර ලෝක ශූරතාවලිය ද ජය ගත්තාය.
ඇයට 2017 ලෝක ශූරතාවලිය අහිමි වූයේ මත්ද්‍රව්‍ය පරීක්ෂණ තුනක් මඟ හැරීම හේතුවෙන් වසරක තහනමක් පැනවීම හේතුවෙනි.
මේ ප්‍රතිඵල කළමනාකරණ ක්‍රියාවලිය අවුල් කිරීම සඳහා වැරදිකරු වුවහොත් වසර හතරක් දක්වා තහනමක් පැනවීමට හැකි අතර, බ්රියානාට මින් පෙරද තහනමක් පැනවූ බැවින්, වරදකරු වුව හොත් ඇයට වසර අටක් දක්වා තහනමකට ලක් වීමට ඉඩ ඇත.