බැංකු 11ක කළමනාකරුවන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කරයි
ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් පාදක කරගනිමින් ජාතින් අතර අසමඟිය වන පරිදි මෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනය වන අයුරු වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැරීමේ සිද්ධියේ සැකකරුගේ ගිණුම් සම්බන්ධ තොරතුරු රහස් පොලිසියට දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා බැංකු 11 ක කළමනාකරුවන් වෙත ඊයේ (15) නියෝගයක් නිකුත් කළේය.
සැකකරු විසින් ආදායම අනාවරණය කිරීමට අපොහොසත් බවත් ඔහු ආගමික අන්තවාදියකු ලෙස කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වන බැවින් අදාළ නියෝගය නිකුත් කරන ලෙසට රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ස්ථිර ආදායම් මාර්ගයක් නැති මොහු අධි සුඛෝපභෝගි ජිවිතයක් ගත කරන අතර විදේශිය මුස්ලිම් රටවල සංචාරය කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේය.
ඉකුත් 9 වැනිදින ගම සමඟ පිළිසඳරක් මැයෙන් පැවැත්වු වැඩසටහනට සහභාගි වු ජනාධිපතිවරයා විසින් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් භික්ෂුන් වහන්සේට අපහාස වන අන්දමේ වීඩියෝචක් සැකකරු විසින් නිකුත් කරමින් තමන් මුස්ලිම් අන්තවාදයෙක් බවට ඔහු මේ වීඩියෝවේ අන්තර්ගත කර තිබු බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබුණි.
පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව ජාලගත ආවේක්ෂණය අනුව සැකකරු හඳුනා ගත් අතර ඔහු ඉකුත් 11 වැනිදින දෙහිවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඉගුරුදෙණියේ ඉන්ද්‍රරත්න හිමියන්ට ස්ථානයට පැමිණ ප්‍රකාශ ලබා දී ඇති බව පැවසු රහස් පොලිසිය සැකකරුට එරෙහිව 2007 ජාත්‍යන්තර සිවිල් දේශපාලන පනත 2007 පරිගණක පනත හා දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් ද සිදු කර ඇති බව සඳහන් කරමින් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
සැකකරු කිසිදු රැකියාවක් නොකළ සුඛෝපභෝගී නිවෙසක වෙසෙන බව සඳහන් කළ රහස් පොලිසිය මොහුට මෙවැනි දේ කිරීමෙන් ලැබෙන ප්රතිලාභ සම්බන්ධයෙන් ද විමර්ශනයක් සිදු කරන බවත් මොහු පිටුපස සිටින්නේ කවුරුන්ද ? යන්න සම්බන්ධ පරීක්ෂණ පවත්වන බැවින් ඔහුගේ ගිණුම් සම්බන්ධයෙන් විමර්ශන සඳහා අදාළ තොරතුරු රහස් පොලිසිය වෙත ලබාදෙන ලෙස නියෝග නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අදාළ කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ ගිණුම් සම්බන්ධ තොරතුරු දෙන ලෙස රාජ්‍ය හා පුද්ගලික බැංකු 11කට නියෝග නිකුත් කළේය.