ලෝක උරුම නකල්ස් වන භූමියේ නිදැල්ලේ සිටින මී ගවයන් හොර රහසේ ඝාතනය කරන කල්ලියක් පිළිබඳ තොරතුරු අනාවරණය වෙයි. ඊයේ (15) අලුයම් කාලයේ දී ඝාතනය කරන ලද මී ගවයන් දෙදෙනකුගේ හිස් කොටස් දෙකක් පිටවල පතන හා රිවස්ටන් මුදුන ආශ්රිතව මාර්ග අසල දමා තිබිය දී හමුවු බව මාර්ගයේ ගමන් කරන සංචාරක පිරිසක් කියා සිටියේය.
මීට අමතරව පිටවල පතන ආශ්රිතව තවත් ගවයන් දෙදෙනෙක් හා අවට පිහිටි ගම්මානයක තවත් ගවයකු වශයෙන් මී ගවයන් පස් දෙනෙකු මේ වන විට ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.
කලින් කලට සිදුවන නකල්ස් වන භූමියේ සත්ව ඝාතන සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කලාප භාර වන නිලධාරි එම්.සී. ඉලුක්කුඹුර මහතාගෙන් කළ විමසීමක දී හෙතෙම කියා සිටියේ වසරකට පමණ පෙර වාර්තා වූ ගව ඝාතන සිදුවීම් හැරැණු විට නව තත්ත්වයන් පිළිබඳව මේ වන විට වාර්තා වන බවයි.
කෙසේ වෙතත් නකල්ස් කලාපයේ වන සතුන් දඩම් සම්බන්ධයෙන් පුද්ගලයන් රැසක් පසුගිය සමයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව කියා සිටි ඉලුක්කුඹුර මහතා සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා බවයි.
නාඋල සමූහ