සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම වොලිබෝල් ක්‍රීඩා පිටියක් ඉදි කිරීමේ වැඩසටහන යටතේ පිටබැද්දර කොඩිකාරගොඩ ඉදි කළ දිවා රාත්‍රී වොලිබෝල් ක්‍රීඩා පිටිය විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි.
ඩලස් අලහප්පෙරුම මහතා ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාගේ මැදිහත්වීම මත මේ ක්‍රීඩා පිටිය ඉදි කිරීම සඳහා වෙන් කර දී තිබූ මුදල රුපියල් ලක්ෂ විසි පහකි.
ක්‍රීඩා පිටිය විවෘත කිරීමේ අවස්ථාවට පිටබැද්දර හා කොටපොළ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් මෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ද එක්ව සිටියහ. ක්‍රීඩා පිටිය විවෘත කිරීමෙන් පසු කොටපොළ හා පිටබැද්දර ප්‍රාදේශීය සභා කණ්ඩායම් දෙකේ සහභාගීත්වයෙන් ප්‍රදර්ශනාත්මක වොලිබෝල් තරගයක් පැවැත්විණි. එම තරගයෙන් වට තුනට දෙකක් ලෙස ජය ගැනීමට කොටපොළ ප්‍රාදේශීය සභා කණ්ඩායම සමත් විය.
ඡායාරූපය – ගන්දර සමූහ