24 C
Colombo
Tuesday, March 2, 2021

මානව හිමිකම් චෝදනාවලට ඍජුව පිළිතුරු දෙන්න සූදානම්

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මානව හිමිකම් තත්ත්වය සහ වගවීම පාදක කර ගනිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන පසුබිමක...
More

    Latest Posts

    බණ්ඩාරගම මාදුපිටිය දෙපා ඇළ නිසි ක්‍රමවේදයකට ඉදි කර නෑ

    - Advertisement -

    පාණදුර ප්‍රාදේශීය සභාවට අයත් බණ්ඩාරගම මාදුපිටිය ප්‍රදේශයේ පවතින දෙපා ඇළ ප්‍රාදේශීය සභාව විසින් නිසි නීතිමය ක්‍රමවේදයක් හා පාරිසරික ක්‍රමවේද අනුගමනය නොකොට ඉදිකිරීමට ප්‍රදේශවාසීහු විරෝධතාව ප්‍රකාශ කරති.

    පාණදුර ප්‍රාදේශීය සභාව 2020 දෙසැම්බර් මස 25 වැනිදින සිට බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් පැවැති ඇළ මාර්ගය ඉතා විශාල කොට ඉදිකිරීමට බලාපොරොත්තු වන බවට අසලින් ශරීර සුවතා මංතීරුවක් ද ඉදිකිරීමට බලාපොරොත්තු වන බවට පාණදුර ප්‍රාදේශීය සභා සභාපතිවරයා පසුගිය දිනෙක පැවති රැස්වීමේදී ප්‍රකාශ කොට ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

    - Advertisement -

    පාණදුර ප්‍රාදේශීය සභාවේ කමිටු රැස්වීමේදී විධිමත් අනුමැතියක් ගෙන තිබේද? මේ ව්‍යාපෘතියට නිසි ආකාරයෙන් ප්‍රතිපාදන වෙන් වී තිබේද? මෙමගින් සිදුවිය හැකි පාරිසරික හානිය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කොට ශක්‍යතා වාර්තාවක් සකසා තිබේද? පිළිගත් ඉංජිනේරු වාර්තාවක් මේ සඳහා තිබේද? ගොවිජන සංවර්ධන පනත යටතේ අවසරය ගෙන තිබේද? යන කරුණු සැක සහිත බැවින් ප්‍රදේශවාසීහු මේ විරෝධය පළ කළහ.

    සටහන සහ ඡායාරූපය – මොහොමඩ් ඉම්තියාස්

    මැදකොළඹ විශේෂ

    - Advertisement -

     

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.