24 C
Colombo
Saturday, February 27, 2021

ලේබල් ගැසීමට පෙර

                          ඇසුරුම්කරණයේදී පමණක් නොව මිනිසුන්ටද ලේබල් ගැසීමට අපේ ඈයෝ හරි හපන්නුය. එය සමාජය තුළ සෑම මොහොතකම සිදුවන්නකි. මිනිසා සාමූහික සත්ත්වයෙක් වශයෙන් ජීවත් වනුයේ ඔහුට තනිවම...
More

    Latest Posts

    මානස්ගෙන් ශතකයක්

    - Advertisement -

    මානස් ලැබුස්චේන්ගේ ශතකය හේතුවෙන් සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමඟ ඊයේ (15) බ්‍රිස්බේන්හිදී ආරම්භ වූ සිවුවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී ලකුණු 274ක් රැස් කළේය.

    ඊයේ පළමු දිනයට ක්‍රීඩාව නතර කරන විට නායක ටිම් පේන් ලකුණු 38ක් සහ කැමරන් ග්‍රීන් ලකුණු 28ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. පන්දු 62කට මුහුණ දුන් පේන් හතරේ පහර 5ක් එල්ල කර තිබූ අතර, හතරේ පහර 3ක් ඉනිමට එක්කරගත් ග්‍රීන් පන්දු 70ක් වැය කර තිබිණි.

    - Advertisement -

    ඔස්ට්‍රේලියානු ඉනිම ඇරඹූ ඩේවිඩ් වෝනර් සහ මාකස් හැරිස් ලකුණු 17ක් තුළ පිටියෙන් ඉවත් කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. වෝනර් ලකුණු 1කට දැවී ගිය අතර, හැරිස්ට රැස් කළ හැකි වූයේ ලකුණු 5ක් පමණි.

    අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි ලැබුස්චේන් ඉනිම ගොඩනඟමින් මුළු ලකුණු සංඛ්‍යාව 213 දක්වා ඉදිරියට ගෙන ගියේය.

    ස්ටීම් ස්මිත් සමඟ ලකුණු 70ක් එක් කළ ඔහු සිවුවැනි කඩුල්ලට මැතිව් වේඩ් සමඟින් ලකුණු 113ක සබඳතාවක් ගොඩනැඟීය. ඊයේ 5 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ලැබුස්චේන් ඉනිමේ 5 වැන කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 204කදී හතරේ පහර 9ක් සමඟ ලකුණු 108ක් රැස්කර තිබිණි. තෙවැති තරගයේදී ශතකයක් සහ අර්ධ ශතකයක් රැස් කරමින් ලෝක පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයට පැමිණි ස්මිත්ට ඊයේ රැස් කළ හැකි වූයේ ලකුණු 36ක් පමණි. ඔහු වොෂින්ටන් සුන්දර්ට මංගල ටෙස්ට් කඩුල්ල හිමිකර දෙමින් රෝහිත් ශර්මාගේ උඩ පන්දු රැකීම හමුවේ දැවී ගියේය. ඊයේ ජගත් ටෙස්ට් තරග බිමට පිවිසි ටී. නටරාජන්ගේ පන්දුවක් හමුවේ වේඩ් දැවී යන විට රැස්කර තිබූ ලකුණු සංඛ්‍යාව 45කි.

    - Advertisement -

    මේ සංචාරයේදී ආබාධ අර්බුදයකට මුහුණදී සිටින ඉන්දීය පිල ඊයේ තරගයේදී වොෂින්ටන් සුන්දර්ට සහ ටී. නටරාජන්ට ජගත් ටෙස්ට් වරම් හිමිකර දුන්හ. තෙවැනි තරගයට ක්‍රීඩා කළ රවීන්ද්‍ර ජඩේජා, හනුමා විහාරි, ජස්ප්‍රීට් බුම්රා සහ රවිචන්ද්‍රන් අශ්වින්ට මේ තරගය අහිමි වූ අතර, ආබාධ ලැයිස්තුව තවත් දිගු කරමින් වේග පන්දු යවන නව්දීප් සයිනි ද ඊයේ ආබාධයකට ලක්වීම විශේෂ සිදු වීමක් විය. ඔහුට ක්‍රියාත්මක කළ හැකි වූයේ ඕවර 7.5ක් පමණි.

    අද තරගයේ දෙවැනි දිනයයි.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.