
ඉන්දීයානු ගොවීන් විසින් එරට අගමැතිවරයාට විරුද්ධව සහ ආණ්ඩුවට විරුද්ධව දීර්ඝ කාලයක් පුරා ගෙන යන අරගලයට සහය පළකරමින් මෙරටදී ඒකාබද්ධ උද්ඝෝෂණ ව්‍යාපාරක් පැවැත්වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ තවත් සදවිධාන කිහිපයක් එක්ව කටයුතු සංවිධානය කර ඇත.
මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය එළෙඹන 19 වනදා කොළඹදී පැවැත්වීමට සැලසුම්කර ඇති බව එම පක්ෂය සදහන් කර ඇත. ඉන්දීය ගොවීන් විසින් එරට කෘෂිකර්මාන්ත සමාගම්වලට බිලි දෙන නව පනත් හකුලා ගන්නා ලෙස ඉල්ලා මෙම විරෝධතාවල අඛණ්ඩව නියැලෙමින් සිටී.
ඉන්දියානු ගොවීන්ගේ ඉඩම් සමාගම්වලට බිලිදීමට එරෙහිව විරෝධතා දක්වන අතර ගොවීන්ගේ කෘෂිකාර්මික අයිතිය ඩැහැ ගැනීමට මාන බලන සමාගම් අතර පසුගියදා ජනාධිපතිවරයා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ආයෝජකයෙකු ලෙස හදුන්වා දුන් අදානි සමාගම ඉදිරියෙන්ම සිටින බවද විදෙස් වාර්තා පවසයි.
…ගමගේ…
The post ඉන්දියානු ගොවි අරගලයට සහය පළකරමින් මෙරටදී උද්ඝෝෂණයක්. appeared first on Lanka News Column.