අපරාධ නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා අධිකරණ ඇමැති සමඟ සාකච්ඡා කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතා පැවසීය.
අපරාධ නඩු විභාග කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වන බැවින් වින්දිතයන්ට අසාධාරණයක් මෙන්ම චූදිතයන්ට නීතියෙන් පැන ගොස් නැවත සමාජයට පැමිණ අපරාධ කිරීමේ හැකියාව ලැබී තිබෙන බවත්, සමාජය තුළ අපරාධ ඉහළ යෑමට මෙය හේතුවක් වී තිබෙන බවත් පැවසූ අමාත්‍යවරයා ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවා දිනපතා නඩු අසා කඩිනමින් දඬුවම් ලබා දීමේ වැඩපිළිවෙළක් ගැන අද (18) අධිකරණ ඇමැති නීතිඥ අලි සබ්රි මහතා සමඟ සාකච්ඡා කරන බව සඳහන් කළේය.
අමාත්‍ය සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ පසුගියදා කුරුණෑගල හැන්ග් අවුට් ශාලාවේ දී වයඹ පළාතේ පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.
“වයස අවුරුදු 11ක ගැහැනු දරුවකු දූෂණය කළාම එයාගේ නඩුව අහලා ඉවර වෙන්නෙ බොහෝ කාලයක් ගත වෙලා. කාලයක් ගත වෙද්දී සාක්ෂි සම්බන්ධ අමතක වීම් ආදී විවිධ ගැටලු එනවා. ඒ වගේම වින්දිතයා සමාජය තුළ විශාල අපහසුතාවකට පත් වෙනවා. අපේ පොලිස් නිලධාරීන් දක්ෂ ලෙස හඹා ගොස් අපරාධකරුවන් නීතිය හමුවට පැමිණුවත් අධිකරණ ක්‍රියාවලියේ හිඩැස්වලින් රිංගා අපරාධකරුවා නැවත සමාජයට පැමිණ අපරාධවල නියැළෙනවා. ඉතාම බිහිසුණු ක්‍රියා හා සම්බන්ධ නඩු වන බිහිසුණු මංකොල්ලකෑම්, බිහිසුණු ස්ත්‍රී දූෂණ, බරපතළ ලිංගික අපයෝජන ආදී බිහිසුණු නඩු මාස දෙක තුනෙන් අහලා ඉවර කරන්න අපට පුළුවන් වුණොත් අපරාධ නඩු රැසක් කඩිනමින් අවසන් කර ගැනීමට අපට පුළුවන් වෙනවා.”
ක්‍රිසන්ති විතාරණ