පසුගිය වසරේදී විදේශීය ආයෝජකයන් මෙරටින් පිටව යෑම නිසා රුපියල් කෝටි 5,100ක් රටට අහිමි වී තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
2019 වසරේ දී සියයට 20ක් ව පැවති විදේශීය ආයෝජනය 2020 වසර වන විට සියයට 3.5ට අඩු වී තිබෙන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ආයෝජනය කිරීම සූදුවක් නොවන බැවින් රටේ ආර්ථික විශ්ලේෂකයින් පවසන කරුණු පිළිබඳ ප්‍රවේශමෙන් අධ්‍යනය කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.
රටේ මුල්‍ය හා ආර්ථිකය පිළිබඳ ව්‍යාජ ප්‍රකාශ සම්බන්ධයෙන් මෙන්ම ඒවා නිකුත් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ද අවධානයෙන් පසුවිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය. ඔහු මේ අදහස් පළ කළේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
පහන් විජේසේකර