24 C
Colombo
Thursday, February 25, 2021

පාසල් ක්‍රිකට් සම්බන්ධීකරණයට 12ක්

සියලු වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයින පුරා විසිරී සිටින දක්ෂතාවන්ගෙන් හෙබි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ගැනීම වෙනුවෙන් පාසල් ක්‍රිකට් පළාත් සම්බන්ධීකාරවරුන් 12ක් පත්කිරීමට ශ්‍රී...
More

    Latest Posts

    මරණය හැර ඕනෑම රෝගයක් සුව කිරීමේ හැකියාව ඇති කළුදුරු

    - Advertisement -

    මිනිසා අනාදිමත් කාලයක සිට තමාගේ ආහාර රසවත් කිරීමට මෙන්ම ඖෂධ ලෙස සූදුරු සහ මාදුරු භාවිතා කරමින් සිටි. එහෙත් කළුදුරු දුරු කුලයට අයත් ශාකයක් නොවේ. රසයෙන් ද සමාන නොවේ. ආහාර රස ගැන්වීමට ද එකතු කරන්නේ නැත. එහෙත් අනාදිමත් කාලයක සිට ඖෂධයක් ලෙස භාවිත කර ඇති බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි තිබේ.

    Nigella Sativa යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කළුදුරු නැඟෙනහිර ආසියා කලාපයේ, මධ්‍යධරණි ප්‍රදේශයේ මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු රටවල බහුලව වැවෙන ඖෂධීය ශාකයකි. කළුදුරු ඉන්දියානු ආයුර්වේදයේත්, යුනානි වෛද්‍ය ක්‍රමයේ මෙන්ම අරාබි වෛද්‍ය ක්‍රමයේත් භාවිත කෙරේ. අතීත ලතින් භාෂාවෙන් කළුදුරු පැනේෂියා (Panacea) යනුවෙන් හඳුන්වන අතර එය ඉංග්‍රීසි භාෂාවෙන් ද එසේම ව්‍යවහාර වේ. පැනේෂියා යන්නෙහි අර්ථය “කෝකටත් තෛලය ” යන්නයි. අරාබි භාෂාවෙන් කළුදුරු හඳුන්වන්නේ “හබ්බත් අල් බරකා” යනුවෙනි. එහි අර්ථය

    - Advertisement -

    “ආශිර්වාද සහිත බීජ” යන්නයි. විවිධ භාෂාවලින් කළුදුරු හඳුන්වන නාමයන් අනුව එහි බලය ශක්තිය මෙන්ම ගුණය ගැන කියැවෙන බව පෙනේ.

    වසර 3000 ක් පමණ ඖෂධයක් ලෙස භාවිත කළ කළුදුරුවල සංයුතිය පිළිබඳ වර්තමාන විද්‍යාත්මක පරීක්ෂණවලින් හඳුනාගෙන ඇත.ඒ අනුව කළුදුරුවල සෝඩියම්, පොටෑසියම්, කැල්සියම් ,මැග්නිසියම්, පොස්පරස්, තඹ, සින්ක්, යකඩ ආදී ඛනිජ ලවණ අඩංගු වන අතර විටමින් B සංකීර්ණය, විටමින් C සහ විටමින් E වර්ග ද ප්රෝටින්නං,තන්තු , කාබෝහයිඩ්‍රේට් සහ අත්‍යාවශ්‍ය මේද අම්ල ද අඩංගු වේ.

    ශරීරයේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය ඉවත් කිරීමේ හැකියාව කළුදුරුවලට ඇත. ඒ නිසා ශරීරයේ අධික බර අඩු කර ගැනීමට හැකි වේ. එහෙත් ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස් මත අවශ්‍ය කාලයක් භාවිත කිරීමට අමතක නොකළ යුතුය. කළුදුරුවලට ශරීරයේ ග්ලුකෝස් අවශෝෂණය කිරීම අවම කළ හැකී නිසා දියවැඩියා රෝගයට ප්‍රතිකාරයක් ලෙස භාවිත කෙරේ. පුරාණ ග්‍රීසියේ වැසියන් ඇදුම, දිගු කාලීන කැස්ස සහ ස්වසන පද්ධතිය ආශ්‍රිත වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ආදේශකයක් ලෙස කළුදුරු භාවිත කර ඇත. කළුදුරු සතු Thymoquinone ක්‍රියාකාරී සංයෝගය ඇදුම සඳහා භාවිත කරන ඖෂධ සංයෝගයට වඩා ක්‍රියාකාරී බව කියවේ. එමෙන්ම ප්‍රති ඔක්සිකාරක්යක් නිසාත් DNA වලට බලපෑමක් කළ හැකි නිසා පිළිකා සෛල ශරීරය පුරා ව්‍යාප්තවීම වැළැක්වීමේ හැකියාව ද ඇති බව කියැවේ.

    - Advertisement -

    රුධිරගත කොලෙස්ටරෝල් පාලනය කරන නිසා අධි රුධිරපීඩනය පාලනය කර හෘදයාබාධ සහ ආඝාතය වැනි රෝගවලින් ආරක්ෂා කරයි. ශරීරයේ තිබිය යුතු ඉන්සියුලින් මට්ටම පාලනය කර ශරීරයට ග්ලුකෝස් අවශෝෂණය සීමා කිරීමට කළුදුරුවලට හැකියාවක් ඇත. මොළයේ ස්නායුවලට ගුණදායක වන අතර මතක ශක්තිය වර්ධනය කරයි. ස්වාභාවික කළුදුරු ඖෂධ ලෙස පාවිච්චි කරනවා සේම කළුදුරු ඇසුරින් සකස් කළ ඖෂධ රාශියක් ඇත.

    කළුදුරු වංගෙඩියේ දමා කොටා මී පැණි සමඟ භාවිත කළ හැකිය. එසේම කුඩු කර තේ ලෙස පානය කිරීම වඩාත් සුදුසුය.

    කළුදුරුවලින් නිස්සාරණය කරන ලද තෙල් වලට ඖෂධයක් ලෙස විශාල ඉල්ලුමක් ඇත. ගර්භණි කාන්තාවන් සඳහා පෙර සහ පසු ප්‍රසව ඖෂධයක් ලෙස මෙන්ම මාසික ඔසප් වේදනාව සඳහා ද ප්‍රතිකාරයකි. කළුදුරු දිව්‍ය ඖෂධයක් වුවද ගර්භණී මව්වරුන්ට සහ දරුවන්ට දීමේදී අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් මත සිදු කළ යුතුය. එසේ නොවේ නම්

    - Advertisement -

    ගබ්සාවීම් පවා සිදුවිය හැකිය. මත්පැන් සහ ඇතැම් ඖෂධ නිසා අක්මාවට සිදුවන හානිය අවම කරයි. එමෙන්ම අක්මාවේ මේදය තැන්පත්වීම අවම කිරීමේ හැකියාව ඇත. හිසේ ගාන තෙල්වලට කළුදුරු සැවන්දරා උළුහාල් ආදිය එක් කිරීමෙන් හිස කෙස් පෝෂණය කරන අතර හිස්හොරි සහ වෙනත් දිලිර වර්ග ඇතිවීම වළක්වයි.

    කළුදුරු ආහාර රුචිය වඩවනඅතර ආහාර දිරවිම ද පහසු කරයි.

    මිනිසාට වැලඳෙන ස්වසන රෝග, හෘදයාබාධ, දියවැඩියාව, පිළිකා, කොලෙස්ටරෝල්, අධික තරබාරුව, අක්මාවේ මේදය තැන්පත්වීම ආදී රෝග රාශියකට අනාදිමත් කාලයක සිට ඉන්දියාවේ ආයුර්වේද සහ යුනානි වෛද්‍ය ක්‍රමයේත් අරාබි වෛද්‍ය ක්‍රමයේත් කළුදුරු ඖෂධයක් ලෙස භාවිත කර ඇත. සහින් අල් බුහාරිගේ ” හදීස්” නමැති ග්‍රන්ථයේ කළුදුරු පිළිබඳව මෙසේ සඳහන් වේ. “මේ කළුදුරු භාවිතයට ගන්න. මෙයට මරණය හැර ඕනෑම රෝගයක් සුව කිරීමේ හැකියාව ඇත.”

     

    කෝනාර එම්. ගුණපාල

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.