වෙළෙඳපොළේ පවතින මිලට වඩා රුපියල් 30ක් අඩුවෙන් සතොස මඟින් විකිණීමට රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් නිකුත් කර තිබු ග්‍රෑම් 100 දේශීය තේ කොළ පැකට් තොගයක් සතොස වෙළෙඳසල්වලට බෙදා නොදී රෙදි සෝදන සබන් සමඟ ගබඩා කර තිබියදී බූස්ස සතොස තොග ගබඩා සංකීර්ණයේ දී ඊයේ (17) සොයා ගැනිණ.
ජනතාවට සහන නොදී කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු කිරිම සම්බන්ධයෙන් එම තොග ගබඩා සංකීර්ණයේ ගබඩා කළමනාකරුගේ වැඩ තහනම් කර විධිමත් පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් සියල්ලන්ටම තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඇමැතිවරයා සතොස සභාපතිවරයාට එම අවස්ථාවේදී ම නියෝග කළේය. මේ තේ කොළ තොගය සොයා ගැනුණේ වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම ගබඩා සංකීර්ණයේ ඊයේ (17) සිදු කළ හදිසි නිරීක්ෂණයකදීය.
සුභාෂිණී සේනානායක සහ අනුර ප්‍රේමලාල්