24 C
Colombo
Friday, February 26, 2021

රාජිනි තිරාණගම ඝාතනය ගැන දිනමුරසු හෙළිදරවුව

1989 අගභාගයේ සිදු වූ ඝාතනයක් අදටත් අභිරහසක්ව පවතී. යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ කථිකාචාරිනී රාජිනි තිරාණගම ඝාතනයයි ඒ, යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාරිනී මෙන්ම කොටි සංවිධානයේ සිට පසුව...
More

    Latest Posts

    හම්බන්තොට දිස්ත්‍රික් ලීග් පාපන්දු පළමු සටනේ ජය තිස්සමහාරාමයට

    - Advertisement -

    හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා පදනම පළමු වරට සංවිධන කරන හම්බන්තොට දිස්ත්‍රික් පාපන්දු ලීග් තරගාවලිය ඊයේ (17) තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා පාපන්දු ක්‍රීඩාව නැංවීම අරමුණ කර ගනිමින් පැවැත්වෙන තරගාවලියේ පළමු තරගය තිස්සමහාරාම කණ්ඩායම සහ තංගල්ල ලා ටැංගෝලියන් කණ්ඩායම අතර පැවැත්විණි. තරග ගෝල් 4-1ක් ලෙස ජය ගැනීමට තිස්සමහරාම කණ්ඩායම සමත් වූ අතර, ඔවුන් පළමු වටයේදීම ගෝල් 4 රැස් කරමින් පෙරමුණ ගැනීමට සමත් විය. දෙවැනි වටයේදී ලා ටැංගෝලියන්ස් කණ්ඩායම සිය ගෝලය වාර්තා කළේය. තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස එම්.එන්. රිස්වි විසින් සම්මාන හිමි කර ගත්තේය.

    ඊයේ පැවැත්වීමට නියමිත වූ බෙලිඅත්ත සහ හම්බන්තොට කණ්ඩායම් අතර දෙවැනි තරගය අයහපත් කාලගුණය හේතුවෙන් අතරමඟ නතර කළේය.

    - Advertisement -

    මේ අවස්ථාවට වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ මහතා සමඟ තංගල්ල නගරාධිපති රවිඳු වෙදආරච්චි, හම්බන්තොට දිසාපති ඩබ්.එච් කරුණාරත්න, අග්‍රාමාත්‍ය සම්බන්ධිකරණ ලේකම් නිශාන්ත ජයසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

    ඡායාරූප –

    ජගත් ඉරෝෂණ සහ මැදමූලන සමූහ

    - Advertisement -

    මැදමුලන සමූහ

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.