ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මගී ප්‍රවාහන මෙන්ම භාණ්ඩ ප්‍රවාහනය පුළුල් කරමින් වැඩි ආදායමක් ඉපයීමට අවධානය යොමු කර ඇත.
මේ අනුව මෙතෙක් සිදුවූ ඉන්ධන ප්‍රවාහන සේවාව පුළුල් කිරීමටත් ගල් අඟුරු ප්‍රවාහනය කිරීමටත් පියවර ගනිමින් සිටින බව ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ මහතා දිනමිණට පැවසීය.
ඒ අනුව එහි පළමු සාකච්ඡාව ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ මහතා සහ ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති උදය ගම්මන්පිල මහතා අතර අද (19) ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්වේ.
මේ වන විට දුම්රිය ඔස්සේ කෙරෙන ඉන්ධන ප්‍රවාහනය පුළුල් කිරීමටත් මෙහිදී සාකච්ඡා කරන බව ඇමැති ගාමිණී ලොකුගේ මහතා කියා සිටියේය.
මේ වන විට ප්‍රීමා පිටි ප්‍රවාහනය කිරීම සඳහා පෙරහුරු දුම්රිය සේවාවක් කර ඇති අතර මේ වන විට වැලි ප්‍රවාහන කරමින් පවතින බවත් කියා සිටි ඇමැතිවරයා කොළඹට භාණ්ඩ රැගෙන එන භාණ්ඩ දුම්රිය නැවත ගමන් කිරීමේදී පොහොර හෝ ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට අවධානය යොමුව ඇති බවත් කියා සිටියේය.
සුභාෂිණී සේනානායක