- Advertisement -

යුද හමුදා මූලස්ථාන 57 වැනි මාණ්ඩලික ප්‍රධානි ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර අද (18) දින ආගමික වතාවත් මධ්‍යයේ සිය කාර්යාලයේ දී රාජකාරී කටයුතු ආරම්භ කළේය.
මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර මාණ්ඩලික ප්‍රධානි ලෙස රාජකාරි භාර ගැනීමට ප්‍රථම යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කළේය.
නව තනතුරේ රාජකාරි ඇරඹීමේ අවස්ථාව සඳහා යුද්ධ හමුදා උපදේශකයන්, සියළුම අධ්යක්ෂ ජෙනරාල්වරු, අධ්‍යක්ෂකවරු සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

- Advertisement -