24 C
Colombo
Thursday, February 25, 2021

පාසල් ක්‍රිකට් සම්බන්ධීකරණයට 12ක්

සියලු වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයින පුරා විසිරී සිටින දක්ෂතාවන්ගෙන් හෙබි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ගැනීම වෙනුවෙන් පාසල් ක්‍රිකට් පළාත් සම්බන්ධීකාරවරුන් 12ක් පත්කිරීමට ශ්‍රී...
More

    Latest Posts

    රෂේන් – හිරුණි පිහිනුම් වාර්තා තබති

    - Advertisement -

    අඩු කාලයකින් වැඩිම දුරක් පිහිනු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස අම්බලන්ගොඩ ලයන්ස් ජල ක්‍රීඩා සමාජයේ රෂේන් ඩිල්ෂාන් සහ ක්‍රීඩිකාව ලෙස එම ක්‍රීඩා සමාජයේම හිරුණි මහේෂිකා වාර්තා පිහිටුවීමට සමත් වූහ.

    ලයන්ස් ජල ක්‍රීඩා සමාජය සංවිධාන කළ මාදම්පා පිහිනුම් තරගාවලියේදී කිලෝමීටර් 40ක් දුර පැය 11යි විනාඩි 2යි තත්පර 25කදී පිහිනීමට රෂේන් සමත් වූ අතර, පැය 9යි විනාඩි 58යි තත්පර 4කදී කිලෝමීටර් 32ක් පිහිනීමට හිරුණි සමත් වූවාය.

    - Advertisement -

    ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ පාලක හා තාක්ෂණ නිලධාරී කමිටුවේ සභාපති නිහාල් බමුණුආරච්චි මහතා ඇතුළු ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සමාජයේ පිහිනුම් ක්‍රීඩා විනිසුරු මණ්ඩලයක විනිශ්චය මධ්‍යයේ මේ තරගාවලිය අම්බලන්ගොඩ මාදම්පා ගගේදී පැවැත්විණි.

    ගංගා පිහිනුම් ශ්‍රී ලංකා වර්තා පිහිටු වීමේ අරමුණින් ලයන්ස් ජල ක්‍රීඩා සමාජය සංවිධාන කළ මේ තරගාවලියට එම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් 10ක් හා ක්‍රීඩිකාවන් දෙදෙනකු එක් වූහ.

    මෙහිදී රෂේන් පිහිනූ දුර ශ්‍රී ලාංකික පිහිනුම් ක්‍රීඩකයෙක් පිහිනූ වැඩිම දුර බවට ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සමාජය සඳහන් කළේය. මීට පෙර ශ්‍රී ලාංකික පිහිනුම් ක්‍රීඩකයකු පිහිනා ඇති වැඩිම දුර කිලෝමීටර් 25 බව ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ පාලක හා තාක්ෂණ නිලධාරීන්ගේ කමිටු සභාපති නිහාල් බමුණුආරච්චි මහතා මෙහිදී පැවසීය.

    - Advertisement -

    සත්‍යජිත් කුමාර පැය 11යි විනාඩි 15යි තත්ත්පර 50කින් කිලෝමීටර් 38ක් පිහිනා තරගය නිමා කළ අතර, පැය 11යි විනාඩි 3යි තත්ත්පර 36කදී කිලෝමීටර් 36ක් පිහිනීමට නිරෝද් තීක්ෂණ සමත් විය.

    පැය 11යි විනාඩි 21කයි තත්ත්පර 2කදි කිලෝමීටර් 32ක් පිහිනීමට හිරුනි කෞශල්‍යා සමත් වූවාය. මේ තරගයට සහභාගීවූ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිලෝමීටර් 24ට වැඩියෙන් පිහිනීමට සමත්වීම මෙන්ම ඔවුන් පැය නවයට වඩා වැඩි වේලාවක් එක දිගට පිහිනීමේ නිරතවීම ද කැපී පෙනිණි.

    අම්බලන්ගොඩ ලයන්ස් ජල ක්‍රීඩා සමාජයේ නිර්මතෘ හා සභාපති ප්‍රවීණ පිහිනුම් උපදේශක චතුක දුලාංජන ද සිල්වා මහතා විසින් මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙලෙස එක දිගට මාදම්පා ගඟේ පිහිනීමට පුරුදු කර ඇත.

    - Advertisement -

    කරන්දෙනිය සමූහ – අනුරාධ ප්‍රියදර්ශන

     

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.