24 C
Colombo
Thursday, February 25, 2021

පාසල් ක්‍රිකට් සම්බන්ධීකරණයට 12ක්

සියලු වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයින පුරා විසිරී සිටින දක්ෂතාවන්ගෙන් හෙබි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ගැනීම වෙනුවෙන් පාසල් ක්‍රිකට් පළාත් සම්බන්ධීකාරවරුන් 12ක් පත්කිරීමට ශ්‍රී...
More

    Latest Posts

    සත්කාරකයන් හමුවේ පාඩම් පොතක් පෙරළා එංගලන්තය ශ්‍රී ලංකාවේදී අඛණ්ඩ පස්වැනි ජයත් ලබයි

    - Advertisement -

    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඊයේ ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වූ පළමු ටෙස්ට් තරගයන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත පිල සමත් විය. ඒ අනුව තරග 2කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 1-0කින් පෙරමුණ ගැනීමට එංගලන්තයට හැකි විය. මෙය වාර්තා පොතට එක් වූයේ එංගලන්ත පිල ශ්‍රී ලංකාවේදී පිට පිට ලැබූ පස්වැනි ජයග්‍රහණය ලෙසිනි.

    ලකුණු 74ක ඉලක්කය හඹා ගිය එංගලන්ත පිලේ පළමු කඩුලු 3 පෙරේදා පස්වරුවේ දී ලකුණු 14ක් ඇතුළත බිඳ වැටුණු අතර, දිනය නිමාවට පත් වෙද්දී ඔවුන් කඩුලු 3කට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 38කි.

    - Advertisement -

    ඊයේ උදෑසන යවන ලද ඕවර 9කුත්, පන්දු 2කදී එංගලන්ත පිල ජයග්‍රහණය වාර්තා කළේ පරිස්සම් සහගතව ක්‍රීඩා කරමිනි. පෙර දිනයේ නොදැවී කඩුල්ලේ රැඳී සිටි ජොනී බෙයාර්ස්ටොව් නොදැවී ලකුණු 35ක් සහ ඩැන් ලෝරන්ස් නොදැවී ලකුණු 21ක් රැස් කරමින් ඊයේ සිය කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන ගියහ. පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 2ක් දවාලීය.

    කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 135කට සීමා කළ එංගලන්ත පිල සිය පළමු ඉනිම සඳහා ලකුණු 421ක් රැස් කළේ නායක ජෝ රූට් ලැබූ විශිෂ්ට ද්විත්ව ශතකයේ දායකත්වය සමගිනි. ඒ අනුව ලකුණු 286ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල ලකුණු 359කට දැවී යෑමෙන් එංගලන්ත පිලේ ජයග්‍රහණ ඉලක්කය ලකුණු 74ක් දක්වා අඩු විය. තරගයේ වීරයා සම්මානය දිනා ගනු ලැබුවේ එංගලන්ත පිලේ නායක ජෝ රූට් විසිනි.

    දෙපිල අතර දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය සිකුරාදා (22) ගාල්ල ක්‍රීඩාංගණයේදීම ආරම්භ වීමට නියමිතය.

    - Advertisement -

     

    ශ්‍රී ලංකා පළමු ඉනිම – 135යි. (ඕවර 46.1) (ඩොම් බෙස් 30/5, ස්ටුවර්ට් බ්‍රෝඩ් 20/3)

    එංගලන්ත පළමු ඉනිම – 421යි. (ඕවර 117.1) ජෝ රූට් 228, ඩෑන් ලෝරන්ස් 73 (ඩිල්රුවන් පෙරේරා 109/4, ලසිත් ඇඹුල්දෙණිය 176/3, අසිත ප්‍රනාන්දු 44/2)

    - Advertisement -

    ශ්‍රී ලංකා දෙවැනි ඉනිම – 359 යි. (ඕවර 136.5) ළහිරු තිරිමාන්න 111, ඇන්ජෙලෝ මැතිව්ස් 71, කුසල් ජනිත් 62, නිරෝෂන් දික්වැල්ල 29, ඩිල්රුවන් පෙරේරා 24, දිනේෂ් චන්දිමාල් 20 (ජැක් ලීච් 122/5, ටොම් බෙස් 100/3)

     

    එංගලන්තය දෙවැනි ඉනිම

    ඉසෙඩ් ක්‍රවුලි ඇ.මෙන්ඩිස් ප. ඇඹුල්දෙණිය 8

    ඩී. සිබ්ලි ප. ඇඹුල්දෙණිය 2

    ජේ. බෙයාර්ස්ටොව් නොදැවී 35

    ජේ. රූට් දුවද්දී දැවී ගියා 1

    ඩී.ලෝරන්ස් නොදැවී 21

    අතිරේක 9

    එකතුව කඩුලු 3ක් දැවී (ඕවර 24.2) 76

    කඩුලු බිඳ වැටීම – 1-3, 2-12, 3-14

    පන්දු යැවීම – ඇඹුල්දෙණිය 12-3-29-2, ඩිල්රුවන් 11.2-2-34-0, හසරංග 1-0-4-0

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.