24 C
Colombo
Tuesday, March 2, 2021

මානව හිමිකම් චෝදනාවලට ඍජුව පිළිතුරු දෙන්න සූදානම්

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මානව හිමිකම් තත්ත්වය සහ වගවීම පාදක කර ගනිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන පසුබිමක...
More

    Latest Posts

    හිටපු ඇමති රාජිතට මහාධිකරණයේදි අධි චෝදනා

    - Advertisement -
    හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දීම අද(18) සිදුකෙරුණි. ඒ මෝදර ධීවර වරාය බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කර අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩුවකට අදාළවයි.
     
    අධි චෝදනා පත්‍ර භාර දීමෙන් පසු රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනා රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට විනිසුරුවරයා නියම කළේය.
     
    විත්තිකරුවන්ගේ ඇගිලි සලකුණු ලබාගෙන ඔවුන්ගේ පෙර වැරදි පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කරන ලදි. 
     
    විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ සඳහන් කළේ සේවා දායකයන් වෙත භාර දී ඇති ලේඛනවල අඩුපාඩු තිබේ දැයි සොයා බලා අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි. එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා නඩුව අප්‍රේල් මස 22 වනදා කැඳවන ලෙස නියම කළේය. නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම්කර ඇත්තේ ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ හා එහි කළමනාකාර අධ්‍යක්‍ෂ නීල් රවින්ද්‍ර මුණසිංහ යන අයයි.
     
    මෝදර ධීවර වරාය සී ගල්ෆ් යූ කේ ප්‍රයිවට් ලිමිටඩ් නමැති සමාගමක් වෙත අඩු මුදලකට බදු දීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට විත්තිකරුවන්ට චෝදනා එල්ල වී තිබේ. එම ක්‍රියාව තුළින් විත්තිකරුවන් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ දුෂණය නමැති වරද සිදුකර ඇති බව අධි චෝදනා පත්‍රය තුළින් සඳහන් කර ඇත.
    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.