24 C
Colombo
Tuesday, March 2, 2021

පාස්කු වාර්තාව මඟින් රාජ්‍ය බුද්ධි අංශය දඬුකඳේ ගැසීමේ සූදානමක්

රණවිරුවන් ආරක්ෂා කිරීමට පැමිණි ආණ්ඩු පාර්ශ්වය පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාව මඟින් රාජ්‍ය බුද්ධි අංශය දඬුකඳේ ගැසීමට සූදානම් වන බව සමඟි ජන බලවේගයේ...
More

    Latest Posts

    Gadget පිටුව

    - Advertisement -

    ටයිප් කරන මුදු කීබෝර්ඩ්

    - Advertisement -

    ස්මාර්ට් දුරකතන පැමිණීමත් සමඟ දුරකතනවල යතුරු ලියන කොටස නැති වී ගිය අතර දුරකතනයේ තිරය ස්පර්ශ කිරීමෙන් අවශ්‍ය තමන් අවශ්‍ය දෙය කර ගැනීමේ හැකියාව උදා විණි. එහිදී යම් දෙයක් ලියා ගැනීමට එහෙමත් නැත්නම් ටයිප් කර ගැනීමට ස්පර්ශක තිරය මත ඇඳෙනා යතුරු ලියන පුවරුව භාවිතයට ගැනිණි. තාක්ෂණයේ දියුණුවත් සමඟ යම් දෙයක් ටයිප් කර ගැනීමට Tap strap wearable keyboard මඟින් වෙනස්ම අත්දැකීමක් ලැබෙනවාට සැක නැත.

    Tap strap wearable keyboard යනු මුදු පහකින් සමන්විත එකිනෙකට යා වුණු දම්වැලක් මෙන් උපකරණයකි. එය අතෙහි ඇඟිලි පිළිවෙළට පලඳා ගැනීමෙන් ඕනෑම ස්ථානයක අත තබා අවශ්‍ය අයුරින් ටයිප් කර ගැනීමේ හැකියාව පවතිනා අතර එහිදී ස්මාර්ට් දුරකතනයේ නිවැ‍රැදිව ඇඟිලි හසුරනවා නම් නිවැ‍රැදිවම අවශ්‍ය අකුරු අමුණා වාක්‍ය සකසා ගැනීමේ හැකියාව පවතී. Tap strap wearable keyboard පළමුව භාවිත කරන කෙනකු හට මේ උපකරණය පලඳා නිවැ‍රැදිව ටයිප් කර ගැනීමේ පුහුණු වීම් සිදු කළ හැකි අතර මනා ලෙස පුහුණු වීමෙන් අනතුරුව ඕනෑම පෘෂ්ඨයක් මත ඇඟිලි හැසිරවීමෙන් ඔබගේ සිතැඟි ලෙහෙසියෙන්ම තිරයක ලියා ගත හැකිය. tap strap wearable keyboard ඇඟිලි පහේම පවතින මුදුවල සවිකර ඇති සංවේදක මඟින් යම් කෙනකු දෙන සංඥා ඔස්සේ ටයිප් කළ යුතු අකුර නිවැ‍රැදිව තීරණය කරනු ලැබේ.

     

    - Advertisement -

    හොරු අල්ලන ඩ්‍රෝන අගුළ

    නිවෙසකට හොඳ අගුළක් දමන්නේ සොර සතුරන්ගෙන් නිවෙස ආරක්ෂා කර ගැනීමටය. නිවෙසේ කිසිවකු නොසිටිනා විට දී හොඳ අගුළක් දැමීම පමණක්ම ප්‍රමාණවත් නැත. තාක්ෂණයේ දියුණුවත් සමඟ කෘත්‍රිම බුද්ධිය ද (AI) උපයෝගි කර ගනිමින් ස්වයංක්‍රීයව සොර සතුරන් හඳුනා ගැනීමට ඕනෑම තැනක සිට දැන් ඔබට හැකියාව ඇත.

    - Advertisement -

    Ring Drone යනු ඔබ නිවෙසේ නැති විට ඔබේ නිවෙසේ ආරක්ෂකයා කිවහොත් නිවැ‍රැදිය. ඩ්‍රෝන යානයක් ද උපයෝගි කර ගනිමින් ආරක්ෂක පද්ධතියක් ද ඇතුළත් කොට මේ උපකරණය සාදා ඇති අතර ස්මාර්ට් දුරකතනය ඔස්සේ රාජකාරි ස්ථානයේ, මහමඟ දී, වෙනත් රටක හෝ පිටස්තර ස්ථානයක දී සොර සතුරන් නිවෙසට ඇතුළු වනවා ද යන්න විමසිල්ලෙන් සිටීමේ හැකියාව පවතී. ඔබ නිවෙසේ දොර අගුළුලා පිටතට ගිය පසු වෙනත් කෙනකු දොර විවෘත කර නිවෙසට ඇතුළු වනවා නම් Ring Drone ඉබේම ක්‍රියාත්මක වී ශබ්දයක් ද නඟමින් දොර දෙසට පියාසර කරනා අතර ඩ්‍රෝන යානයේ පවතින කැමරාවක් මඟින් හොරාගේ පැහැදිලි ඡායාරූපයක් හෝ වීඩියෝවක් දුරකතනයට ලැබීමට සලස්වයි. මෙය වයිෆයි තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන අතර හොරෙන් ඇතුළු වන පුද්ගලයා බිය ගැන්වීමකට ලක් කර පන්නා දැමීමෙන් අනතුරුව නැවත Ring Drone නිවෙසේ තබා තිබූ ස්ථානයටම පැමිණේ. මුදල් ගෙවා නිවෙසට ආරක්ෂකයකු ගන්නවාට වඩා Ring Drone උපකරණයක් මිල දී ගෙන ඔබත් නිවෙසේ ආරක්ෂාව තහවුරු කර ගන්න.

    මේසය යට ව්‍යායාම්

    කාර්යබහුල ජීවිතවලට හුරුවී ඇති මිනිසා ව්‍යායාමවලින් ඈත් වීමෙන් බෝ නොවන රෝග රැසකට ගොදුරු වී සිටී. උදෑසන තම කාර්යාලයට ගොස් අසුනක වාඩි වී දවස පුරාම එකදිගට රාජකාරිවල නිරත වී රාත්‍රී කාලයේ නිවෙස්වලට පැමිණීමට පුරුදුව සිටීමත් කෑම බීමවල පාලනයක් නැති කමත් මෙවැනි රෝගවලට මුල් වී ඇත.

    මෙවැනි කාරණා හේතුවෙන් Cubii Pro ඔබගේ එදිනෙදා රාජකාරිවලට ද බාධාවක් නොවනා අයුරින් ශරීරයේ අනවශ්‍ය කැලරි දහනයට බෙහෙවින් උපකාරී වේ.

    Cubii Pro මඟින් ව්‍යායාම කිරීමට වෙනම කාලයක්, ස්ථානයක් අවශ්‍ය නැත. පෑගීමෙන් කැලරි දහනයට කර ගැනීමට හැකි Cubii Pro කාර්යාලයේ මේසය යට පහසුවෙන් තබා ගනිමින්, නිවෙසේ යම් කාර්යයක නරත වෙමින් භාවිත කළ හැකිය. මෘදුකාංගයක් ඔස්සේ ස්මාර්ට් දුරකතනයෙන් ව්‍යායාම කිරීමේදී දහනය වූ හා දහනය වන කැලරි ප්‍රමාණය මෙන්ම තවත් සෞඛ්‍ය තත්ත්ව පහසුවෙන් ඔබටම දැන ගැනීමේ හැකියාව පවතී.

     

    පෙට්ටියට දමා සැනිටයිස් කිරීම

    තවමත් ගෝලීය වසංගතයක්ව පවතින කොවිඩ්-19 හි අඩු වීමක් මේ වන තෙක් පෙනෙන්නට නැත. දිනෙන් දින බොහෝ රටවල මෙන්ම අප රටේද කොවිඩ්-19 ආසාදිතයන් හමුවීමේ ප්‍රවණතාව වැඩි වීමෙන් පෙන්නුම් කරනුයේ අප රට තුළ ද ව්‍යාප්තියේ වර්ධනයක් පෙන්නුම් කරනා බවයි. කෙසේ වෙතත් ඇතැම් රටවල කොවිඩ්-19 වයිරසය ව්‍යාප්ත වීම පාලනය කර ගැනීමට සමත් වී ඇති අතර නව එන්නත් ද අත්හදා බැලීම් මට්ටමේ පවතී. ඒ කෙසේ වෙතත් අප වැනි සංවර්ධනය වන රටකට එන්නතක් වෙනත් රටකින් ගෙන්වා ගන්නා තුරු මිනිසුන් අතර මනා අවබෝධයකින් සෞඛ්‍යාරක්ෂිතව දිවි ගෙවීමට අනිවාර්යයෙන්ම පුරුදු විය යුතුව ඇත.

    කොවිඩ්-19 කියූ සැණින් අපට මතක් වන්නේ මුඛ ආවරණය. මෙතෙක් අප රට තුළ කොවිඩ්-19 ව්‍යාප්තිය වැඩි වුව ද තවමත් මුඛ ආවරණයක් නොපැලඳ දිනකට පොලිස් අත්අඩංගුවට පත් වන සංඛ්‍යාවේ වර්ධනයක් මිස අඩු වීමක් නම් නැත. මුඛ ආවරණ පලඳින පුද්ගලයන් ද එය පලඳින්නන් වාලේ පැලඳීමෙන් ආරක්ෂාවක් නොලැබේ. මුඛ ආවරණ පැලඳ කෙනකු මතුපිටින් මුහුණ අත ගාන්නේ නම් එයින් ද කිසිවකුට පලක් නැත. ඒ කෙසේ වෙතත් අප නිතර පලඳින මුඛ ආවරණය ඉවත් කරන තුරු හෝ නැවත විෂබීජ හරණය කර ගැනීමට හැකි නම් එයට කදිම පිළිතුරක් ලෙස Glouv Lite හඳුන්වා දිය හැකිය.

    Glouv Lite යනු පාරජම්බුල කිරණ ආධාරයෙන් මුඛ ආවරණය විෂබීජහරණය කර ගත හැකි උපකරණයකි. මෙය නිතර පහසුවෙන් ගමන් බිමන් ගෙන යා හැකි අයුරින් කුඩා පෙට්ටියක් ආකාරයට නිපදවා ඇත. Glouv Lite විවෘත කර තම මුඛ ආවරණය එය තුළට දමා වසා බොත්තමක් එබීම මඟින් සුළු වේලාවක දී විෂබීජහරණය කර ගැනීමේ හැකියාව ඇත. මේ ක්‍රියාවලිය කුඩා පෙට්ටියක් තුළ සිදු වීමෙන් පාරජම්බුල කිරණ හේතුවෙන් මිනිසුන්ට සිදු වන අහිතර බලපෑම ද වැළකෙන අතර පුරුද්දක් ලෙස නිතරම ළඟ තබා ගනිමින් මුඛ ආවරණය විෂබීජහරණය කර ගැනීමෙන් කොවිඩ්-19 වසංගතයෙන් බේරී එදිනෙදා වැඩකටයුතු පහසුවෙන්ම කර ගැනීමට හැකිය.

     

    බිත්තියේ එල්ලා ඇඳුම් මදින හැටි

    ඔබ කාර්යාලයක දිනපතා සේවය කරන්නකු නම් අනිවාර්යයෙන්ම ඇඳුම් මැදීමේ ගැටලුවට මුහුණ දී ඇතිවාට සැකයක් නැත. උදෑසනම අවදි වී හෝ රාත්‍රී කාලයේදී ඇඳුම් මැදීමට බොහෝ අය පෙලඹී ඇති අතර ඇතැම්හු සතියේ ඇඳුම් එකවර මැද ගැනීමෙන් කාලයත්, මුදලුත් දෙකම ඉතිරි කර ගනිති. ඒ අතරින් ඇතැමෙක් ඕනෑවට එපාවට නැමුම් පාරවල් පමණක් මැකී යන අයුරින් ඇඳුම් මැදගෙන කාර්යාලයට යෑමට ද පුරුදු සිටී.

    Tersa Steam ඔබව ඒ කරදරයෙනුත් මුදාලීමට සමත් වී තිබේ. මෙමඟින් ඇඳුම් මැද ගැනීමට කාලය මෙන්ම ශ්‍රමයක් ද වැය නොවනා අතර ඔබ උදෑසන අවදි වී මුහුණකට සෝදා ගැනීමට ගත වන කාලය හොඳටම ප්‍රමාණවත්ය. බිත්තියේ එල්ලා තැබිය හැකි මේ උපකරණය තුළට අවශ්‍ය ඇඳුම, ඇඳුම් එල්ලනයක රඳවා ඇතුළතින් තබා විනාඩි 10ක් වැනි කෙටි කාලයක් තැබීමෙන් මනා ලෙස මැදීමක් සිදු වේ. Tersa Steam මඟින් කාන්තා, පිරිමි ඕනෑම ඇඳුමක් මනා ලෙස මැද ගැනීමට හැකි අතර ඇඳුම් මැදීමට කම්මැළි පුද්ගලයන්ට නම් වඩාත් ප්‍රයෝජනවත් වනවාට සැක නැත. බිත්තියේ එල්ලා ඇති Tersa Steam පිටත මුහුණත ඔබට මුහුණ බැලීමට යොදා ගන්නා කණ්ණාඩියක් ලෙස ද භාවිත කළ හැකිය.

     

     

    ස්මාර්ට් ඉබ්බෝ

    නිවෙසේ ගේට්ටුවට ලියුම් පෙට්ටියක් සවි කර තබන්නේ නිවෙස් හිමිකරුවන් නැති අවස්ථාවල දී ලියුම් බෙදන්නාට දැමීමටය. අප රට තුළ එලෙස ලියුම් පෙට්ටි පමණක් වැඩිපුර දැකීමට තිබුණ ද වෙනත් රටවල කුරියර් සේවාව මඟින් ලැබෙන භාණ්ඩ තැබීමට ද විශාල පෙට්ටි වැනි දෑ භාවිත කරයි. එමඟින් භාණ්ඩය ඇණවුම් කළ පුද්ගලයාම භාණ්ඩය ගැනීමට නිවෙසේ රැඳී සිටීමට අවශ්‍ය වන්නේ නැත. එහෙත් එවැනි පාර්සලයක් ඔබ නිවෙස ඉදිරියේ ඇති පෙට්ටියට තමා පරිස්සමින් තබා යන්නේ කෙසේද යන්න ඔබට ගැටලුවක් ඇති.

    Box Lock Smart padlock යනු එයට හොඳම විසඳුමයි. ඔබ ඇණවුම් කළ භාණ්ඩයේ බාර්කෝඩ් කේතය Box Lock Smart padlock වෙත දී තිබීමෙන් එය රැගෙන එන්නාට අගුළ විවෘත කර විශ්වාසවන්තව සේවාව සැපයීමට හැකියාව පවතී. එසේම ඔබ ස්මාර්ට් දුරකතනය ඔස්සේ ද යම් අයකුට එයට භාණ්ඩයක් දැමීමට අවශ්‍ය වූ විට ඕනෑම ස්ථානයක සිට විවෘත කළ හැකිය. තවද Box Lock Smart padlockහි බාර්කෝඩ් කේතය කියවීමේ හැකියාවක් පවතින අතර එය වැස්සට, අවුවට ඕනෑම දේකට හොඳන් ඔරොත්තු දෙන ලෙස නිපදවා ඇත. අප රට තුළ නම් ඇණවුම් කළ භාණ්ඩ දමා යෑමට මෙවැනි පෙට්ටි භාවිතය අඩු වුවද වෙනත් රටවල නම් Box Lock Smart padlockට ඇත්තේ හොඳ ඉල්ලුමකි.

     

    කලිසම හිර කරන්න බෙල්ට් වෙනුවට බක්ල්

    කලිසම ඉණෙන් පහළට එල්ලා වැටෙන අයුරින් ඇඳීම තරුණයන් කාලයක් විලාසිතාවක් කරගෙන තිබුණ ද බොහෝ පිරිමි කලිමස එල්ලා වැටීම වැළැක්වීමට ඉණ පටියක් භාවිත කරති. එය ද ඉණ වටා කරකවා රැඳවිය යුතු අතර ඇතැම් කලිසම්වලට ඉණ පටි දැමිය නොහැකිය.

    Bucqle යනු ඉණ පටියක්ම නොවුණත් කලිසම එල්ලා වැටීම වළකාලන කුඩා ප්‍රමාණයේ උපකරණයකි. කලිසමේ ඉණ ප්‍රදේශයේ වම් පසින් හෝ දකුණු පසින් Bucqle ඇතුළු කර එයත් සමඟම ඔබගේ ඉණේ ප්‍රමාණයට කලිසම සකසා ගත හැකිය.

     

     ගයාන් සංජය

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.