- Advertisement -
සෞඛ්‍ය නිලධාරීන් නිර්දේශිත ක්‍රියාමාර්ගයන් අනුගමනය නොකිරීම නිසා යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ සිනමා ශාලාවකට පෙරේදා (18 ) සවස සෞඛ්‍ය නිලධාරීන් සීල් තබා ඇත.
මෙම සිනමා ශාලාවේ තිරගත වූ චිත්‍රපටයක් නැරඹීමට විශාල පිරිසකට ප්‍රවේශ පත්‍ර නිකුත් කර තිබීම හා පැමිණෙන රසිකයන් සඳහා පොදු සෞඛ්‍ය ප්‍රතිපත්ති සලසා නොතිබීම යන කාරණා මත පේදුරුතුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක ජොන්සන් රොනාල්ඩ් මහතා පේදුරුතුඩුව පොලිසියේ ද සහාය ඇතිව සිනමා ශාලාවට සීල් තැබීමට පියවර ගැනිණි.
- Advertisement -
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ
- Advertisement -