ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට එක්වීම සඳහා මෙල්බර්න් නගරයට ගොස් සිටින ක්‍රීඩකයන් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියාට අනුව තෙවැනි කොරෝනා ආසාදිතයෙක් වාර්තා වන අතර, ඔහු ක්‍රීඩා නොකරන අයෙකු බව සඳහන් වෙයි.
ලබන මස 8 වැනිදා ආරම්භ වන මේ තරගාවලිය සඳහා ක්‍රීඩකයන්, කාර්ය මණ්ඩලය සහ නිලධාරීන් ඇතුළු පුද්ගලයන් 1200ක් පමණ මේ වන විට ඔස්ට්‍රේලියාවට ගොස් තිබේ.
ගුවන් ගමන් තුනක ධනාත්මක සිද්ධීන් නිසා ක්‍රීඩකයන් 72 දෙනෙකු මේ වන විට පූර්ණ නිරෝධායනයට ලක් කර ඇත. ඒ හේතුවෙන් ඔවුන් පුහුණුවීම් සඳහා අවසර නොලැබෙන අතර, දින 14ක් හෝටල් කාමරයේ පූර්ණ කාලීනව හුදෙකලා වීමට සිදුව තිබේ.
ඇතැම් ක්‍රීඩකයන් පූර්ණ කාලීනව හෝටල් කාමරවලට කොටු වී සිටීම ගැන කලකිරීමට පත්ව ඇති අතර, කෙටි කාලයකට ඇතුළු වන ක්‍රීඩකයන් සඳහා නිරෝධායන නීති ලිහිල් කිරීමට ලෝක අංක එකේ ක්‍රීඩක නොවාක් ජොකොවිච් බලධාරීන්ට යෝජනා කර තිබේ. එහෙත් වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් එය ප්‍රතික්ෂේප කර ඇත.
දින 14ක නිරෝධායන කාලසීමාව හේතුවෙන් ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම හෝටලේ කාමරයේදී පුහුණුවීම් කිරීමට කටයුතු කර තිබේ.