ලොව කොවිඩ් 19 ආසාදිත රටවල් අතරින් 6 වැනි ස්ථානයේ සිටින්නේ ප්රංසයයි. එරට මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 2,914,725කි. ඒ රෝගීන් අතරින් 70,686ක් මරණයට පත් වී ඇත. එරට රෝගීන් අතරින් සුවය ලබා ඇත්තේ අඩු ප්රමාණයකි, එනම් 210,200ක් පමණි. තවත් රෝගීන් 2,633,839ක් තවමත් සිටින්නේ රෝගී තත්ත්වයේමය. ඊයේ වන විට එරට බරපතල තත්ත්වයේ පසුවන රෝගීන් ගණන 2,813කි. ජනගහනයෙන් මිලියනයකට රෝගීන් 44,600ක් සිටිති. ජනගහනයෙන් මිලියනයකට මරණ ගණන 1,083ක අනුපාතයක් පෙන්වයි. ප්රංසයේ සිදු කළ සමස්ත කොරෝනා පරීක්ෂණ ගණන 40,217,159කි. ජනගහනයේ මිලියනයකට පරීක්ෂණ ගණන 615,381ක් ලෙස වාර්තා වී තිබේ. මෙවැනි තත්ත්වයක් පවතින ප්රංසයේ සමස්ත ජනගහණය 65,353,232කි. මේ අනුව ප්රංසයේ වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය පවතින්නේ ඉතාම බරපතළ තත්ත්වයකය.
බුද්ධි කරුණාරත්න