– සමස්ත ආසාදිත පිරිස කෝටි 10ට ආසන්නයි
– මරණ විසි ලක්ෂයක්
ගතවූ පැය විසිහතර තුළ ලොව පුරා නව කොවිඩ් 19 ආසාදිතයන් 557,891 දෙනෙකු හඳුනාගෙන තිබේ.
වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් ගත වූ දිනය තුළ ඇමරිකාවෙන් වාර්තාවී ඇති අතර, එම සංඛ්‍යාව 176,864 කි. මේ අතර ගත වූ පැය විසිහතර තුළ ඇමරිකාවේ නව මරණ 1,842ක් වාර්තාවී තිබේ. ඊට අමතරව බ්‍රිතාන්‍යයෙන් නව ආසාදිතයන් 38,598 දෙනකු වාර්තාවී ඇත.
ඒ අනුව මේ වනවිට ලොව පුරා කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනයවූවගේ සංඛ්‍යාව ලක්ෂ 960 ඉක්මවා යමින් 96,008,788 ක් වාර්තා වන අතර, ලෝකයේ රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 218කින් වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව 2,049,311කිවේ. ඒ අතරින් 68,629,083 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙන බව වාර්තා වෙයි.
වැඩිම ආසාදිතයන් පිරිස අමෙරිකාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව දෙකෝටිය ඉක්මවා යාම විශේෂත්වයකි. ඒ අනුව අමෙරිකාවේ ආසාදිතයන් සංඛ්‍යාව 24,626,376 ක් වන අතර, එරට මරණ සංඛ්‍යාව 400,000 ඉක්මවා යාම විශේෂත්වයකි. ඒ අනුව එරට මියගිය සංඛ්‍යාව 408,620ක් වෙයි. මේ අතර ඉන්දියාවේ ආසාදිතයන් 10,582,647ක් සහ බ්‍රසීලයේ ආසාදිතයන් සංඛ්‍යාව 8,512,238 ක් ලෙස වාර්තා වන අතර රුසියාව, ප්රංසය, එක්සත් රාජධානිය, ඉතාලිය, කොලොම්බියාව, මෙක්සිකෝව, ස්පාඤ්ඤය, ආර්ජන්ටිනාව, ජර්මනිය, ඉරානය, පෝලන්තය, දකුණු අප්‍රිකාව, යුක්රේනය, පේරු, නෙදර්ලන්තය යන රටවල ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවා ගොස් ඇත.