24 C
Colombo
Friday, February 26, 2021

රාජිනි තිරාණගම ඝාතනය ගැන දිනමුරසු හෙළිදරවුව

1989 අගභාගයේ සිදු වූ ඝාතනයක් අදටත් අභිරහසක්ව පවතී. යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ කථිකාචාරිනී රාජිනි තිරාණගම ඝාතනයයි ඒ, යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාරිනී මෙන්ම කොටි සංවිධානයේ සිට පසුව...
More

    Latest Posts

    වාර්තා පිට වාර්තා තබමින් ඉන්දීය පිල ඔස්ට්‍රේලියාව පරාජය කරයි

    - Advertisement -

    වසර 32කට පසු ගැබා ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියානුවන්ට පළමු ටෙස්ට් පරාජය උරුම කරමින් සිවුවැනි තරගය කඩුලු 3කින් ජයගත් සංචාරක ඉන්දීය පිල දෙපිල අතර පැවැති තරග 4කින් සමන්විත ටෙස්ට් තරගමාලාවෙන් 2-1ක ජයක් වාර්තා කිරීමට ඊයේ සමත් විය. වසර 1988 දී බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිල හමුවේ කඩුලු 9කින් පරාජය වීමෙන් පසු ඔස්ට්‍රේලියානු පිල ගැබා ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයක් පරාජය වී නොසිටියේය. තරගමාලාව ජයගත් ඉන්දීය පිලට දෙපිල අතර, හුවමාරු වන බෝඩර් ගවස්කර් කුසලානය හිමි විය.

    ලකුණු 328ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය පිලට තරගය නිමාවීමට ඕවර 3ක් පමණක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය අත්කර දුන් කඩුලු රකින පිතිකරු රිෂාබ් පාන්ට් විස්මිත ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 89ක් රැස් කළේය. ඊට පෙර සිඩ්නි නුවර පැවැති තුන්වැනි ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව නිමා කිරීමට විශිෂ්ට දායකත්වයක් දෙමින් ලකුණු 89ක් රැස් කළ පාන්ට් ඊයේ නිමාවට පත්වූ තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේය.

    - Advertisement -

    කඩුලු 7ක් දැවී ලකුණු 329ක් රැස් කළ ඉන්දීය පිල ගැබා ක්‍රීඩාංගණයේදී විශාලතම ලකුණු හඹා යෑමේ වසර 69ක් පැරැණි වාර්තාවත් බිඳ දැමුවේය. ඊට පෙර 1951දී කොදෙව් පිලට එරෙහිව ජයග්‍රහණය හඹා යමින් ලකුණු 236ක් රැස් කළ ඔස්ට්‍රේලියානු පිල එම වාර්තාවට හිමිකම් කියා තිබිණි.

    ඔස්ට්‍රේලියානුවන්ට එරෙහි ටෙස්ට් තරගමාලා ජයග්‍රහණය ඉන්දීය පිලට අතිශය වැදගත් වන්නේ ඔවුන් දෙපිල අතර පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ඔවුන්ගේ අඩුම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 36කට දැවී යෑම නිසාය.

    ඉන්දීය පිල මේ ජයග්‍රහණයට හිමිකම් කීවේ ඔවුන්ගේ ප්‍රබලතම පිතිහරඹ තුරුම්පුව වන නායක විරාට් කෝලිගේ නැතිවය.

    - Advertisement -

    නිත්‍ය නායක විරාට් කෝලි සිය බිරියගේ පළමු දරු ප්‍රසූතිය හේතුවෙන් පළමු ටෙස්ට් තරගයෙන් පසු නැවත ඉන්දියාව බලා පිටත්වීම නිසා ඉතිරි තරග 3දීම වැඩ බලන නායකයා ලෙස කටයුතු කළේ චේටස්වර් පුජාරා විසිනි.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.