24 C
Colombo
Saturday, March 6, 2021

එන්නතෙන් පසු දින 2කට වැඩියෙන් උණ නම් වෛද්‍ය උපදෙස් ගන්න – වෛද්‍ය හේමන්ත හේරත්

Author(s): සන්ධ්‍යා කරුණාරත්නකොවිඩ් එන්නත ගැනීමෙන් පසු කිසියම් පුද්ගලයකුට උණ ස්වභාවය දින දෙකකට වඩා පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය...
More

    Latest Posts

    ඒ චරිතය නිසා නොසෑහෙන්න බැනුම් ඇහුවා…

    - Advertisement -
    නව පරපුරේ රංගන ශිල්පිනි නුරානි තෙන්නකෝන්
    ජනවාරි 21, 2021

    නීතිවිරෝධී අන්දමින් විදෙස්ගත වන්නට එපා කියා සමාජය දැනුම්වත් කරන වෙළඳ දැන්වීමක් මේ දිනවල දී නිතර දෙවේලේ රූපවාහිනිය ඔස්සේ නැරඹිය හැකිය. එය නිර්මාණය කොට ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟිනි. එම වෙළඳ දැන්වීමේ මවගේ චරිතය නිරූපණය කරන්නේ අද අපේ කතානායිකාවයි. ඇගේ නම නුරානි තෙන්නකෝන්. නුරානි ටෙලිනාට්‍ය නිළියක් ලෙස කැපී පෙනෙන චරිත ගණනාවක් රංගනයේ යෙදෙමින් ප්‍රේක්ෂක ඔබට සමීප වූවා. ඔබ නිසා, හුස්මක් තරමට, අවි කඳුළු ඉත්තෝ, ක්වීන් වැනි ටෙලි සිතුවම්හි නුරානි ඉදිරිපත් කළ චරිත නොඅනුමානව ඔබට මතක ඇති.

    මේ දිනවලදීද ඇය වඩාත් ජනප්‍රිය ඉහත සඳහන් කළ වෙළෙඳ දැන්වීම නිසාය.

    - Advertisement -

     

    කොහොමද වෙළඳ දැන්වීමට ලැබෙන ප්‍රතිචාර?

    ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. ඒ දැන්වීම රූපවාහිනියෙ විකාශය වෙනවා පමණක් නොව කටවුට් සහ පෝස්ටර්වලටත් යොදා යොදාගෙන තිබුණා. ඉතින් ඒ හැම එකකම තියෙන්නෙ මම ඉන්න පින්තූරයක්. ඇතැම් අය රූපවාහිනී නාළිකාවකින් ඒ දැන්වීම දැකලා නොතිබුණත් කටවුට් එකකින් හරි මාව දැකලා තියෙනවා කියලා කතා කරනවා.

    - Advertisement -

     

    ඔබ ක්ෂේත්‍රයට ඇවිල්ලා කොච්චර කල්ද?

    හරියටම කිව්වොත් මේ වසර හතරක් විතර ඇති.

    - Advertisement -

     

    මේ කාලය අතරතුර දී ඔබව වඩාත් ඔබව වඩාත්ම කැමැත්තෙන් රඟපෑ චරිතය මොකක්ද?

    ඇත්තටම මම රඟපෑ සියලු චරිතවලට කැමතියි. ඒ අතරින් මම මේ වෙලාවේ ඉත්තෝ ටෙලිනාට්‍යයේ ධරණි දුනුවිල කියන ඇමති දුවකගේ චරිතය මතක් කරනවා. ඒක තමයි මම රඟපාපු පළවෙනි උප ප්‍රධාන චරිතය. එතැන් පටන් මේ ඊයේ පෙරේදා විකාශය නිමවූ බ්ලැක් ටවුන් ස්ටෝරි මාලා නාටකයේ රඟපෑ චරිතය වෙනකම් මම හරිම ආසාවෙන් කළේ.

     

    ඔබට තවම ප්‍රධාන චරිතයක් ලැබුණේ නැද්ද?

    ප්‍රධාන චරිත නොකළත් ඒ හා සමාන කැපී පෙනෙන චරිත තමයි මට ලැබුණේ. ඒ අත්දැකීම් එක්ක මට සකර්ම කියන ටෙලි නාට්‍යයේ, ප්‍රියන්ත ප්‍රනාන්දුගේ අධ්‍යක්ෂණයක් ඒක. එහි ප්‍රධාන චරිතය ලැබුණා. මේ දවස්වල එහි රූපගත කිරීම් සිදු කරනවා. සකර්ම නිර්මාණකරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්මයා ගැනත් කතා කරන්න ඕනේ ඔහු විටෙක බොහොම සැරයි. ඒ නිසා ඔහුගෙන් අනන්තවත් බැනුම් අහපු අවස්ථා තියෙනවා.

     

    වෙළඳ දැන්වීමේ ඔබ රඟපාන්නේ මවකගේ චරිතයක්. තරුණ නිළියක් හැටියට ටෙලි නාට්‍ය හෝ සිනමාවේ එවැනි චරිතයක් ලැබුණොත් බාරගන්නවද?

    අනිවාර්යයෙන්. මම බොහොම කැමැත්තෙන් බාර ගන්නවා. මම අර කියපු සකර්ම ටෙලිනාට්‍යයේ මම රඟපාන්නේ මවක් වෙන්න පෙරුම් පුරන චරිතයක්. ඒ චරිතයට මම මගේ උපරිම සාධාරණය ඉටු කළා. පෙම්වතිය නොවී විවිධ චරිත, ඒ කියන්නෙ ප්‍රේක්ෂකයන්ට මතක හිටින චරිත කරන්නටයි මම කැමතියි.

     

    සකර්ම ටෙලිනාට්‍ය රඟපාන්න කියලා වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවාද?

    ඇත්තටම අමතක වෙන්නේ නැත්තේ ප්‍රියන්ත ප්‍රනාන්දු අයියගෙන් බැනුම් අහපු අවස්ථා තමයි. ඒ නාට්‍යයට පාදක වන්නේ හැටේ දශකයේ හෝ ඊට ආසන්න සමයක කතාවක්. ඉතින් කතා කරන භාෂාව ටිකක් වෙනස්. සමහර අවස්ථාවන්වල මට ඒ භාෂාව අල්ලගන්න බැරි වුණා. ඉතින් ඒ වගේ වෙලාවන්වලදී බැණුම් අසමින් තමයි රඟපෑවේ. මට ඒ භාෂාව පුහුණු වෙන තැනට වෙනකම් කරපු දර්ශන ඔක්කොම මතකයි.

     

    නුරානි දැන් වෘත්තිමය නිළියක් විදිහට කටයුතු කරන්නද හිතාගෙන ඉන්නේ?

    නැහැ. මම කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ශිෂ්‍යයාවක්. මම සිනමා විශේෂවේදී උපාධියක් තමයි හැදෑරුවෙ. ඉතින් ඒ පැත්තෙන් ඉගෙනගෙන දිගටම දිගටම රඟපපා ඉන්නවට වැඩිය නිර්මාණකාරිණියක් විදිහට කටයුතු කළොත් හොඳයි කියලා මම හිතනවා. නමුත් රඟපෑම අතහරින්නේ නැහැ. අධ්‍යක්ෂවරියක් විදිහට කවදා හෝ නිර්මාණයක් කරනවා. රඟපාන්න ගිහිල්ලා වුණත් මං වැඩිපුරම බලාගෙන ඉන්නේ අධ්‍යක්ෂවරයෙක් කොහොමද නළු නිළියෝ හසුරවන්නේ කියන එක. ප්‍රායෝගිකව එහෙම හැදෑරීම් කරනවා. අධ්‍යක්ෂවරුන් ඕන තරම් හිටියට අධ්‍යක්ෂවරියන් ඉන්නේ අතේ ඇඟිලි ගාණටත් වඩා අඩු වෙන්නේ.

     

    මේ වනවිට පෙම්වතියක්ද?

    ඒ ගැන ඉදිරියෙදි කියන්නම්

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.