24 C
Colombo
Friday, February 26, 2021

රාජිනි තිරාණගම ඝාතනය ගැන දිනමුරසු හෙළිදරවුව

1989 අගභාගයේ සිදු වූ ඝාතනයක් අදටත් අභිරහසක්ව පවතී. යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ කථිකාචාරිනී රාජිනි තිරාණගම ඝාතනයයි ඒ, යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාරිනී මෙන්ම කොටි සංවිධානයේ සිට පසුව...
More

    Latest Posts

    නිවාඩු ගිය කෝලි වැඩට එයි

    - Advertisement -

    එංගලන්තය සමඟ පැවැත්වීමට තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙක සඳහා වන ඉන්දීය සංචිතය පසුගියදා නිවේදනය කළේය.

    නිමා වූ ඔස්ට්‍රේලියානු සංචාරයේ පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව පෞද්ගලික හේතුවක් මත නිවාඩු ගිය නිත්‍ය නායක විරාට් කෝලි යළිත් මේ සංචිතයේ නායකයා ලෙස නම් කර ඇත.

    - Advertisement -

    කෝලි නැති වීමෙන් ඔස්ට්‍රේලියානු තරගාවලියේදී නායකත්වය බාර ගෙන ඓතිහාසික ජයග්‍රහණයක් කරා ඉන්දීය පිල ගෙන ගිය අජින්ක්‍යා රහානේ කණ්ඩායමේ උප නායකත්වරට පත් කර තිබේ.

    නිමා වූ අයිපීඑල් තරගාවලියේදී ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන්ත් ෂර්මා සුවවීමෙන් පසු 18 දෙනකුගෙන් යුත් මේ සංචිතයට ඇතුළත් කර ඇති අතර, වසර 2කට පසු තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා ද ටෙස්ට් සංචිතයට ඇතුළත් කර තිබේ. ඔහු අවසන් වරට ටෙස්ට් තරගයට එක්ව ඇත්තේ 2018 වසරේ අගෝස්තු මාසයේදීය.

    ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලියට එක්ව සිටි ප්‍රිත්වි ෂෝ සහ ටී. නටරාජන්ට ස්ථාන අහිමි වී ඇති අතර, එම තරගාවලියේදී ආබාධයකට ලක් වූ ලෝකේෂ් රාහුල් සමඟ 27 හැවිරිදි නවක ක්‍රීඩක ආක්ෂාර් පටෙල් සංචිතයට එක් කර ඇත. ඔස්ට්‍රේලියාවේදි ආබාධවලට ලක් වූ හනුමා විහාරි, මොහොමඩ් ශාමි, උමේෂ් යාදෙව් සහ රවීන්ද්‍ර ජඩේජා මේ සංචිතයට එක් කර නැත.

    - Advertisement -

    දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන 5 වැනිදා ආරම්භ වීමට නියමිතය.

     

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.