24 C
Colombo
Tuesday, March 2, 2021

යුද හමුදා බසයක් වනවාසලදී දුම්රියේ ගැටෙයි

සෙබළුන්ට හානියක් නෑ කැලණිය සහ වනවාසල අතර තෙලඟපාත ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය අසලදී මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සෙංකඩගල මැණිකේ ශීඝ්‍රගාමි දුම්රියේ...
More

    Latest Posts

    කඳානේ ජෝන් බට්ටාගේ බූරුපොළ වටලයි

    - Advertisement -

    ධනවත් ව්‍යාපාරිකයන් 20ක් සමඟ නිවෙස් හිමියා අත්අඩංගුවට

    කඳාන නගරය ආසන්නයේ දෙමහල් නිවෙසක කාලයක් මුළුල්ලේ රහසිගතව පවත්වා ගෙන ගොස් තිබූ මහා පරිමාණ සූදු තිප්පොළක් වටලා ධනවත් ව්‍යාපාරිකයන් 20 දෙනකු සමඟ නිවෙස් හිමියා අත්අඩංගුවට ගැනීමට කැලණිය කොට්ඨාශ අපරාධ කාර්යාංශය ඊයේ (21) සමත් වී තිබේ.

    - Advertisement -

    ජෝන් බට්ටාගේ බූරු තිප්පොළ නමින් ප්‍රකට මෙම ස්ථානය කදාන පොලිස් බල ප්‍රදේශයට අයත් වන අතර කඳාන පොලීසියට මීටර් 500ක දුරින් පිහිටා තිබී ඇත.

    අත්අඩංගුවට ගත් මෙම ව්‍යාපාරිකයන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි අයවළුන් වෙති. එම ස්ථානයේ තිබී රුපියල් හත් ලක්ෂ හැටදහසක්ද ප්‍රාඩෝ ජීප් රථයක්ද අත්අඩංගුවට ගෙන ඇත.

    කැලණිය කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතා වෙත ප්‍රදේශවාසීන් කරන ලද පැමිණිලි සම්බන්ධව අවධානය යොමු කර මෙම වැටලීම සිදු කැර තිබේ.

    - Advertisement -

    කදානේ සෙබස්තියන් මාවතේ අඩි අටක පමණ උස තාප්පයකින් වටකර රෝලර් ගේට්ටු සහ ආරක්ෂිත කැමරා පද්ධතියක් සවිකර දැඩි ආරක්ෂිත ක්‍රමවේදයක් මුළුල්ලේ වසර ගණනාවක් මුළුල්ලේ මෙම සූදූ සෙල්ලම සිදු කර ඇත.

    කදාන සෙබස්තියන් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පැවැති 20 වැනිදා නිවෙසේ එක් පසක විස්කි බ්‍රැන්ඩි ඇතුළු සුපිරි මත්පැන් සංග්‍රහයක් ද නිවෙසේ සාලයේ පැදුරු මත සූදු ක්‍රීඩාව කිරීමටද ඉඩ සළසා තිබීය දී සවස 3.00පමණ පොලීස් කණ්ඩායමක් මෙම නිවෙස වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

    වයස අවුරුදු 58 සිට 22 දක්වා වයස් කාණ්ඩවලට අයත් 20 දෙනෙක් අත්අඩංගුවට ගත් පොලීසිය ඔවුන් ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග සදහා කදාන පොලීසියට භාරදී ඇති අතර ඔවුන් 21 වැනිදා වත්තල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.ප්‍රාඩෝ ජීප් රථයේ සිට ත්‍රීරෝද රථවලින් පවා පැමිණි පිරිස මෙහි සූදු ක්‍රීඩාවේ නිරත වෙමින් සිට ඇත.

    - Advertisement -

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර අම්බලන්තොට ප්‍රදේශයේ සිට ප්‍රාඩෝ ජීප් රථයකින් පැමිණි පිරිසක්ද මිනුවන්ගොඩ ජාඇල මීගමුව කදාන වැනි විවිධ ප්‍රදේශවලින් පැමිණි සූදුඔට්ටුවට හුරුවූ පිරිසක් සිටින බව ද ඔවුන් අතර නීති විරෝධී මහාපරිමාණ ජාවාරම් කරුවන්ද සිටින බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත. කදානේ ජෝන් බට්ටාගේ බූරු තිප්පොළ දිවයිනේ නීති විරෝධී ජාවාරම් කරුවන් අතර ඉතාම ජනප්‍රිය ස්ථානයක් බවට ප්‍රසිද්ධියට පත්ව ඇත. නිවසට ඇතුළුවන ප්‍රධාන ගේට්ටුව ඉබියතුරු දමා ලොක්කර කුඩා දොරටුවෙන් සූදු කෙළියට පැමිණි ගනුදෙණුකරුවන් නිවෙසට ගැනීම මෙතෙක් රහසිගතව සිදුකර ඇත.

    බස්නාහිර පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී කැලණි කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් පෑලියගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද විල්ලෝරාරච්චි යන උසස් පොලිස් නිලධාරීන් ගේ උපදෙස් මත කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලිංටන් සිල්වා ,පොලිස් පරීක්ෂක වරුන් වන මනෝජ් සම්පත්,රණවීර සහ උපපොලිස් පරීක්ෂක ප්‍රේමසිරි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එක්ව මෙම දෙමහල් නිවෙස සූක්ෂම ලෙස වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

    රාගම සමූහ 

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.