24 C
Colombo
Thursday, February 25, 2021

පාසල් ක්‍රිකට් සම්බන්ධීකරණයට 12ක්

සියලු වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයින පුරා විසිරී සිටින දක්ෂතාවන්ගෙන් හෙබි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ගැනීම වෙනුවෙන් පාසල් ක්‍රිකට් පළාත් සම්බන්ධීකාරවරුන් 12ක් පත්කිරීමට ශ්‍රී...
More

    Latest Posts

    කොටස් වෙළෙඳපොළේ වාර්තාගත ඉහළ යෑමක්

    - Advertisement -
    Author(s): 
    මහින්ද අලුත්ගෙදර

    කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,000 සීමාව ඉක්මවා යෑමට ඊයේ (21) සමත් විය. මීට පෙර අවස්ථා කිහිපයක දී ගනු-දෙනු අතරවාරයේ දී කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,000 සීමාව ඉක්මවා වාර්තා වුවද, දිනයක ගනු-දෙනු අවසානයේ එය ඒකක 8,000 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි.

    මෙහිදී පෙර දිනයට සාපේක්ෂව ඒකක 246.80ක වර්ධනයක් සටහන් කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,131.25ක් ලෙසින් වාර්තා වී තිබෙන අතර එය පෙර දිනයට සාපේක්ෂව සියයට 3.13ක වර්ධනයකි. දිනය තුළ රුපියල් කෝටි 1,420ක පිරිවැටුමක් වාර්තා වූ මෙය මෙම වසරේ තනි දිනක් තුළ වාර්තා වූ වැඩිම දෛනික පිරිවැටුම වන අතර ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් (රුපියල් කෝටි 177), හේලීස් (රුපියල් කෝටි 130) මේ සඳහා වැඩි දායකත්වය ලබාදුන් සමාගම් වේ. සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා LOLC, හේලීස්, වැලිබල් වන්, හේකාර්බ් සහ ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් යන සමාගම් ඉතා ඉහළ දායකත්වයක් ලබාදී තිබේ.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.