24 C
Colombo
Saturday, February 27, 2021

ලේබල් ගැසීමට පෙර

                          ඇසුරුම්කරණයේදී පමණක් නොව මිනිසුන්ටද ලේබල් ගැසීමට අපේ ඈයෝ හරි හපන්නුය. එය සමාජය තුළ සෑම මොහොතකම සිදුවන්නකි. මිනිසා සාමූහික සත්ත්වයෙක් වශයෙන් ජීවත් වනුයේ ඔහුට තනිවම...
More

    Latest Posts

    ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලිය හෙට

    - Advertisement -

    මෙරට ප්‍රධානතම ගොල්ෆ් ක්‍රීඩා සමාජවල සාමාජිකයන්ට චීනවරාය ඊගල්ස් ලින්ක් ගොල්ෆ් පිටියට පැමිණ ක්‍රීඩාවේ නිරතවීමට අවස්ථාව දීමේ අරමුණින් 2013 වසරේදී ආරම්භ කළ ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලිය මේ වන විට අතිශයින්ම ජනප්‍රිය තරගාවලියක් බවට පත් වී ඇතැයි ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා ප්‍රකාශ කරයි. පසුගියදා ගුවන් හමුදා මුලස්ථානයේදී ‘දිනමිණ’ සමග සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

    ගොල්ෆ් ක්‍රීඩා වාර්ෂික කැලැන්ඩරයේ ප්‍රමුඛතම තරගාවලියක් වන ගුවන් හමුදාපති කුසලාන (Commander’s cup) ගොල්ෆ් තරගාවලිය හෙට (23) චීන වරායේ ඊගල්ස් ලින්ක් ගොල්ෆ් පිටියේදී පැවැත්වෙන අතර, මේ සාකච්ඡාවට ගුවන් හමුදාපතිවරයා එක් වූයේ එම තරගාවලිය නිමිත්තෙනි.

    - Advertisement -

    වසර 2011දී එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විවෘත කරනු ලැබු ගුවන් හමුදාවට අයත් චීන වරාය ඊගල්ස් ගොල්ෆ් ලින්ක් පිටිය ගුවන් හමුදාවේ සහ සෙසු හමුදාවල සාමාන්‍ය සොල්දාදුවන් අතර, ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් සහ ඔවුන්ට ගොල්ෆ් ක්‍රීඩාවේ නිරතවීමට අවස්ථාව දීමේ අරමුණින් යුතුව ආරම්භ කරනු ලැබුවත් අද වන විට අන්තර්ජාතික තරගාවලියක් පවත්වමින් මෙරට ජාතික තලයේ ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර පවා ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ පිටියක් වී ඇතැයි ගුවන් හමුදාපතිවරයා කීවේය.

    ගොල්ෆ් ක්‍රීඩකයකු ද වන ගුවන් හමුදාපතිවරයා කියා සිටියේ චීනවරාය ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ කාලයේදී මේ ගොල්ෆ් පිටිය සම්පූර්ණ කරමින් විවෘත කිරීමට හැකිවීම ගැන අතිශය සතුටට පත්වන බවය.

    “ගුවන් හමුදාපතිවරයා හැටියට මගේ ලොකුම හීනය තමයි අන්තර්ජාතික මට්ටමේ තරගාවලි මේ රටට ගෙන්වා ගැනීම. ඒ මට්ටමට අවශ්‍ය පහසුකම් සහිතව මේ පිටිය දියුණු කරලා සංචාරක ව්‍යාපාරයට සමගාමීව රටට ආදයමක් එන ගොල්ෆ් පිටියක් හැටියට පරිවර්තනය කිරීම තමයි මගේ බලාපොරොත්තුව” ඔහු පැවසීය.

    - Advertisement -

    “ගොල්ෆ් ක්‍රීඩාව මම පුද්ගලිකව දකින විදිහට තමන් තමන්ටම එරෙහිව කරන ක්‍රීඩාවක්. තවත් කණ්ඩායමක් සමග හෝ තවත් කෙනෙකුට එරෙහිව කරන ක්‍රීඩාවක් නෙවෙයි. ඉතාම හොඳ බුද්ධිය තමන්ගේ මනස සන්සුන්ව තබාගත යුතු ක්‍රීඩාවක්. මනස සන්සුන් කරගෙන තැන්පත්ව හිටියොත් තමයි මේ ක්‍රීඩාවේ සාර්ථකව නිරත වෙන්න පුළුවන් වෙන්නේ. මේ ක්‍රීඩාව කරගෙන යනකොට නිරායාසයෙන්ම තැන්පත් වෙනවා. හිත සැහැල්ලු වෙනවා. මහන්සිවෙලා මනස කළඹවගෙන වැඩ කරන අයට මේ ක්‍රීඩාව ඉතාමත් හොඳ ක්‍රීඩාවක් කියලා මට හිතෙනවා.” ඔහු සඳහන් කළේය.

    “අපි ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයත් සමඟ සම්බන්ධ වී විශේෂයෙන් පාසල් ළමුන්ට විශේෂිත වූ පුහුණුවීම්වලට උදව් කරනවා. එම වැඩසටහන්වලට අපේ ගොල්ෆ් පිටිය නොමිලේ දෙනවා. ඒවගේම අවශ්‍ය උපදේශ හා මෙවලම් ගුවන් හමුදාව තුළින්ම දීලා අපි එගොල්ලන්ට පූර්ණ සහයෝගය දෙනවා. විශේෂයන්ම උතුරු නැගෙනහිරත්, ගොල්ෆ් ක්‍රීඩාව දැකලාවත් නැති දරුවනුත් ක්‍රීඩා කරන්න පටන් අරන් තියෙනවා. නැගෙනහිර පළාතේ දරුවන්ට චීනවරාය ගොල්ෆ් පිටියත්, කිලිනොච්චිය වගේ උතුරු පළාතේ දරුවන්ට අපි අපේ අනුරාධපුර ගොල්ෆ් පිටිය සපයා තිබෙනවා. දකුණු පලාතේ දරුවන්ට අපේ කොග්ගල පිහිටි ගොල්ෆ් පිටිය ලබා දී තිබෙනවා.” එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා සඳහන් කළේය.

    “අපිට දක්ෂ ක්‍රීඩකයන් බිහි වෙමින් පවතිනවා. මේ අවස්ථාවේ මම විශේෂයෙන් කියන්න ඕනා කාන්තා ක්‍රීඩිකාවන්ටත් අපි අවස්ථාව දීලා තියෙනවා. ලංකාවේ ඇත්තටම කාන්තා ගොල්ෆ් ක්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාව හරි අඩුයි. ගුවන් හමුදාවේ ක්‍රීඩා කුසලතා ඇති යම්කිසි ක්‍රිඩිකාවන් පිරිසක් හඳුනාගෙන ඔවුන්ව අපි ගොල්ෆ් ක්‍රීඩාව සඳහා යොදවලා දියුණු කරලා මුලින්ම ජාතික මට්ටටමත්, පසුව අන්තර්ජාතික මට්ටමකටත් යෑමේ මාර්ගය සකස් කර තිබෙනවා.” ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශණ පතිරණ මහතා වැඩි දුරටත් කීවේය.

    - Advertisement -

     

    – ෆවුස් මොහොමඩ්

     

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.