ශ්‍රී ලංකා සවි එසැවීමේ සංගමය, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය හා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ හිටපු නිලධාරීන් කිහිපදෙනකු හා අනුබද්ධ ක්‍රීඩා සංගම් කිහිපයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත නිලවරණ වෙනුවෙන් විරෝධතා ගොණු කරයි. එම සම්මේලනවල ඉදිරියේදී පැවැත්වීමට නියමිත නිලවරණ සම්බන්ධයෙන් පෙරේදා ක්‍රීඩා අමාත්‍යාංශයේදී විශේෂ මහා සභාවක් පැවැත් වූ අතර, එහිදී පැමිණි පුද්ගලයන් කිහිපදෙනකු හා අනුබද්ධ ක්‍රීඩා සංගම් කිහිපයක් වාචිකව කරුණු ඉදිරිපත් කළහ.
එම කරුණු සැලකිල්ලට ගෙන විරෝධතා ඇත්නම් ලිඛිතව ගොණු කරන ලෙස ඊයේ පස්වරු 4 දක්වා කාලය දී තිබිණි. ක්‍රීඩා අමාත්‍යාංශය කළ එම දැනුම්දීමට අනුව ඊයේ වන විට විරෝධතා රැසක් ලැබී ඇති අතර, එම සියලු විරෝධතා අදාළ ක්‍රීඩා සංගම්වල නිලවරණ පැවැත්වීම වෙනුවෙන් පත් කර ඇති නිලවරණ කමිටු වෙත යොමු කොට සුදුසු පියවර ගැනීමට පියවර ගෙන ඇත.
ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැති විශේෂ මහා සභාවේදී ශ්‍රී ලංකා සවි එසැවීමේ, ශ්‍රී ලංකා පාපැදි හා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනවල නිලවරණ කමිටුව හඳුන්වාදීම හා තොරතුරු ගැනීම සිදු වූ සම්මේලන තුනේ අනුබද්ධ ක්‍රීඩා සමාජයකින් නියෝජිතයකුට ක්‍රීඩා සමාජයේ අනන්‍යතාව සනාථ කරගත හැකි ලියකියවිලි ද සමඟ පැමිණෙන ලෙස ප්‍රසිද්ධ දැනුම්දීමකින් ආරාධනා කළේය.
ශ්‍රී ලංකා සවි එසැවීමේ සංගමයේ නිලවරණයට අදාළ ඡන්ද හිමි ලේඛනයේ වැරදි ඇති බවත්, ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති විශේෂ මහා සභාවට ක්‍රියාකාරී සංගම්වලට අමතරව පිටස්තර පුද්ගලයන් පැමිණ සිටි බවත් විරෝධතා මඟින් දැනුම් දී ඇත. එබැවින් සාධාරණ නිලවරණයක් වෙනුවෙන් හැකි ඉක්මණින් ඡන්දදායක ලැයිස්තුව සියලු ලියාපදිංචි ක්‍රීඩා සංගම් වෙත දෙන ලෙස ඉල්ලීමක් කර ඇත. මේ අතර, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ක්‍රීඩා සංගම් 20කට වැඩි ප්‍රමාණයක අස්සනින් යුතුව ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් වෙත විරෝධතා ගොණු කරමින් දැනුම් දී ඇත්තේ ක්‍රීඩා පනත හා ක්‍රීඩා රෙගුලාසි උල්ලංඝනය වන පරිදි නිලවරණය පැවැත්වීමට උත්සහයක් ඇතැයි තොරතුරු අනාවරණය වී ඇති බැවින් සුදුසුකම් ඇති ක්‍රියාකාරී ක්‍රීඩා සංගම් දිරි ගැන්වෙන පරිදි නිලවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදන ලෙසයි.
ක්‍රීඩා පනත හා ක්‍රීඩා රෙගුලාසි අනුව ලියාපදිංචි ක්‍රියාකාරී ක්‍රීඩා සංගම්වලට පමණක් අවස්ථාව දෙන ලෙසත්, ‘බෝඩ් ලෑලි සංගම්’ ඡන්ද හිමි ලේඛනයෙන් ඉවත් කරන ලෙසත් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ක්‍රීඩා සංගම් බහුතරයක් දැනුම් දී ඇත. කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ හිටපු නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව විරෝධතා ගොණු කරමින් දැනුම්දී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති විශේෂ මහා සභා රැස්වීමේදී ලියාපදිංචි ක්‍රියාකාරී ක්‍රීඩා සංගම්වලට අමතරව ඡන්ද අයිතිය නොමැති පුද්ගලයන් කැඳවා නිලවරණ කමිටුව හඳුන්වාදීම නීති වරෝධී බවය. ක්‍රීඩා අමාත්‍යාංශය පුවත්පත් දැන්වීමක් මඟින් පැමිණීමට ආරාධනා කළ සුදුසුකම් සහිත අයට සභා ශාලාවට ඇතුළු වීමට අවස්ථාව හිමි නොවූ බව විරෝධතා මගින් පෙන්වා දී ඇත. ව්‍යාජ ලේඛන මඟින් ඡන්ද අයිතිය ඉල්ලා ඇති පිරිසකට ඡන්ද අයිතිය දීම ක්‍රීඩා පනත හා ක්‍රීඩා රෙගුලාසි උල්ලංඝනය කිරීමක් බව ද කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ හිටපු නිලධාරීන් ගොණු කළ විරෝධතාවේ දැක්වේ.