- Advertisement -
කෘෂිකර්ම අැමැති
මහ කන්නයේ වී අස්වැන්න රජයේ වී ගබඩා වලට ලැබුණු වහාම ජනතාවට රුපියල් 97ට සහල් ලබා දෙන බව කෘෂිකර්ම අැමැති මහින්දානන්ද අලුත් ගමගේ මහතා දිනමිණට ඊයේ (21) පැවසීය.
- Advertisement -
මෙම කන්නයේ දී හෙක්ටයාර් 01කට වී කිලෝ 1000ක් බැගින් වී රජයට ලබා දීම අනිවාර්ය කර ඇති බවත් එසේ නොවන්නේ නම් ලබන කන්නයේ සිට ගොවියාට පොහොර ලබා නොදෙන බවට ගොවියා දැනුවත් කර ඇති බවත් අැමැතිවරයා කිවේය.
ඉදිරියේ දී රජය සතු වී ගබඩා පවතින මට්ටමට වඩා දෙගුණයක් පුළුල් කරීමට හෙතෙම කටයුතු කරන බවත් එවිට සහල් මිල ඉහළ යෑම පාලනය කළ හැකි බවත් මහින්දානන්ද අලුත් ගමගේ මහතා පැවසීය.
නුවන් හෙට්ටිආරච්චි
- Advertisement -