24 C
Colombo
Thursday, February 25, 2021

පාසල් ක්‍රිකට් සම්බන්ධීකරණයට 12ක්

සියලු වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයින පුරා විසිරී සිටින දක්ෂතාවන්ගෙන් හෙබි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ගැනීම වෙනුවෙන් පාසල් ක්‍රිකට් පළාත් සම්බන්ධීකාරවරුන් 12ක් පත්කිරීමට ශ්‍රී...
More

    Latest Posts

    ETI අධ්‍යක්ෂවරුන් අත්අඩංගු වට ගැනීමට ඇති සූදානම ගැන අධිකරණයට කරුණු කියන්න

    - Advertisement -

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්

    ස්වර්ණමහල් ෆයිනැන්ෂල් සර්විසස් සමාගමේ අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගැනිමේ ඇති සුදානම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඊයේ (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම විමර්ශන භාර ස්ථානාධිපතිවරයාට නොතිසි නිකුත් කෙළේය. එකම සිද්ධියක් පාදක කරගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් ට හිරිහැර කිරීම සඳහා නැවතවරක් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බවට ස්වර්ණමහල් ෆයිනැන්ෂල් සර්විසස් සමාගමේ අධ්‍යක්ෂවරුන් අධිකරණයට ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයැදුම සලකා මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කෙළේය.

    - Advertisement -

    ස්වර්ණමහල් ෆයිනැන්ෂල් සර්විසස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන දීපා එදිරිසිංහ ,නාලක එදිරිසිංහ,අසංක එදිරිසිංහ හා ජිවක එදිරිසිංහ යන අය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා වෙත ඊයේ (20) කරුණු දක්වමින් සිය අපේක්ෂිත අයැදුම මගින් ඉල්ලා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් ට හිරිහැර කිරිම සදහා නැවතවරක් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බැවින් එසේ අත්අඩංගුවට ගතහොත් අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙසටය. ඇප අයැදුම අධිකරණයට ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සදහන් කරනු ලැබුවේ ස්වර්ණමහල් ෆයිනැන්ෂල් සර්විසස් සමාගම 2006 සිට මුදල් පනත යටතේ ලියාපදිංචි ආයතනයක් බවත් 2012 ඊ.ටි.අයි සමාගම යටතේ ප්‍රතිව්‍යුහගත කර ඇති බවත් එම ආයතනයේ වත්කම් වගකිම් ඊ.ටී.අයි සමාගම යටතට ගත් අතර 2013 සිට මහ බැංකුව හරහා අධික්ෂණය වන බවය.

    මෙම කරුණ පාදක කරගනිමින් සිය සේවාදායකයින් අත්අඩංගුවට ගැනිමේ සුදානමක් ඇති බවට තොරතුරු අනාවරණය වන බැවින් ඇප පනතේ 21 වගන්ති අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට නොතිසියක් නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    අදාළ කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරයා වරද වු ස්ථානය සම්බන්ධයෙන් අධිකරණ බල ප්‍රදේශය සම්බන්ධ ලේඛන ඉදිරිපත් කිරිම සඳහා ඊයේ (21) නඩුව යළි කැදවු අතර එහදි දිපා එදිරිසිංහ යන අයගේ ඇප අයැදුම මුද්‍රණ දෝෂයක් හේතුවෙන් ප්‍රතික්ෂ්‍රේප වුවද පසුව මෝෂමක් මඟින් යළි නිවැරදි ලෙස කරුණු දැක්විම සළකා සියලු ඇප අයැදුම් සඳහා කරුණු දැක්විමට ලබන 27 අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම විමර්ශන භාර ස්ථානාධිපතිවරයාට නොතිසි නිකුත් කෙළේය.

    - Advertisement -

    සිරන්ජනි කුමාරි

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.