වරක් භාවිත කර බැහැරලන නිෂ්පාදන සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් සහ පොලිතින් වර්ග කිහිපයක් මේ මාර්තු 31 දින සිට තහනම් කිරීමට පරිසර අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධනයෙන් වූ ගැසට් පත්‍රයට පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පසුගිය 20දා අත්සන් තබා ඇත.
වරක් භාවිත කර බැහැරලන ප්ලාස්ටික් හා පොලිතින් (single use) කාණ්ඩ 04ක නිෂ්පාදන මේ යටතේ තහනම් වෙයි.
ඒ අනුව ආහාර හා ඖෂධමය ද්‍රව්‍ය ඇතුළත් නොවන ෂැෂේ පැකට් (ෂැම්පු,හෙයාර් ජෙල්, ඩයිවර්ග ආදිය තැන්පත් කර ඇති ෂැෂේ පැකට්), කොට්න් බඩ් (එහි ඇතුළත් වන්නේ ප්ලාස්ටික් කූරක් බැවින්) වායුව පුරවනු ලබන සෙල්ලම් බඩු, කෘමිනාශක ද්‍රව්‍ය දමන ප්ලාස්ටික් පෙට් බෝතල (pet bottles) මයික්‍රෝන 20ට අඩු ලන්ච් ෂීට් නිෂ්පාදනය හා භාවිතය මේ 31දා සිට සපුරා තහනම්ය. ජනවාරි 01දා සිට මේ තහනම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණද අදාළ සමාගම් මේ සඳහා විකල්ප යොදා ගැනීමට යම් සහන කාලයක් රජයෙන් ඉල්ලා සිටීම නිසා කැබිනට් මණ්ඩලයේද යෝජනාව පරිදි මේ 31දා දක්වා සහන කාලයක් ලබා දී තිබිණි. මාර්තු 31 සිට තහනම ක්‍රියාත්මක වුවද දැනට වෙළෙඳපොළේ තිබෙන මේ කාණ්ඩ 05ට අයත් නිෂ්පාදන ඉවත් නොකෙරෙන අතර මාර්තු 31 දිනෙන් පසු මේ කාණ්ඩයට අයත් භාණ්ඩ නිෂ්පාදනය සපුරා තහනම් බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා කියයි. මේ තහනම පැන වූයේ කර්මාන්තකරුවන් අසීරුතාවකට පත් කිරීමට නොව පරිසරය සුරැකීමට බවත් පරිසරයට හානි නොවන විකල්ප නිෂ්පාදන කරා යෑමට එම කර්මාන්තකරුවන්ට අවශ්‍ය පමණ සහන කාලයක් දී ඇති බවද ඇමැතිවරයා කියයි.