24 C
Colombo
Saturday, February 27, 2021

ලේබල් ගැසීමට පෙර

                          ඇසුරුම්කරණයේදී පමණක් නොව මිනිසුන්ටද ලේබල් ගැසීමට අපේ ඈයෝ හරි හපන්නුය. එය සමාජය තුළ සෑම මොහොතකම සිදුවන්නකි. මිනිසා සාමූහික සත්ත්වයෙක් වශයෙන් ජීවත් වනුයේ ඔහුට තනිවම...
More

    Latest Posts

    මැතිව්ස්ගේ ශතකය ශ්‍රී ලංකා පළමු ඉනිම ස්ථාවර කරයි

    - Advertisement -

    ලකුණු 7ක් තුළ කඩුලු 2ක් අහිමි වීමෙන් බිඳ වැටුණු ඉනිම ගොඩනැඟීමේ වගකීම කරට ගත් ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නොදැවුණු ශතකය හේතුවෙන් සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ඊයේ ආරම්භ වූ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී පළමු දිනයේදී වැඩි ගෞරව අත් කර ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකි විය.

    ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ පළමු දිනයට ඊයේ ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 229ක් රැස් කර තිබිණි. 

    - Advertisement -

    ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 107ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 19ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. ඊයේ සිය ටෙස්ට් තරග දිවියේ 11 වැනි ශතකය රැස් කළ මැතිව්ස් දිනය නිමා වන විට පන්දු 228කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් ඉනිමට එක්කර ගෙන තිබූ අතර, දික්වැල්ල හතරේ පහරක් එල්ල කර තිබුණේ පන්දු 60කදීය.

    දෙදෙනා අතර, 5 වැනි කඩුල්ලට ගොඩනැඟුණු නොබිඳුණු සබඳතාව ලකුණු 36කි.

    කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලට ඉනිම ආරම්භයේදීම දැවැන්ත අභියෝගයක් එල්ල කිරීමට ඊයේ තරගයට කැඳවූ වේග පන්දු යවන ක්‍රීඩක ජෙම්ස් ඇන්ඩර්සන් සමත් වූයේ ලකුණු 7කට කඩුලු 2ක් බිඳ දමමිනි. එහෙත් තම අත්දැකීම් මනාව ප්‍රයෝජනය ගත් ඇන්ජෙලෝ මැතිව්ස් සෙසු පිතිකරුවන් සමඟ එක්ව ශ්‍රී ලංකා ඉනිම ගෞරවනීය තත්ත්වයකට රැගෙන ගියේය.

    - Advertisement -

    අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි ඔහු ඉනිමේ සාර්ථකම සබඳතාව ගොඩනැඟුවේ නායක දිනේෂ් චන්දිමාල් සමඟිනි. ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ලට ලකුණු 117ක් එක් කළ අතර, මාක් වුඩ් හමුවේ ලකුණු 52ක් රැස් කර සිටි චන්දිමාල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යෑමෙන් එම සබඳතාව නිමා විය. පන්දු 121කදී හතරේ පහර 4ක් සහ හයේ පහරක් එල්ල කළ චන්දිමාල් ඊයේ රැස් කළේ 20 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි.

    ඉන් පෙර මැතිව්ස් ආරම්භ පිතිකරු ළහිරු තිරිමාන්න සමඟ එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 69ක් එක් කළේය.

    මුළු ලකුණු 76දී එම සබඳතාවට ද ඇන්ඩර්සන් විසින් තිත තැබු‍වේ තිරිමාන්න කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් වෙත උඩ පන්දුවක් දීම නිසාවෙනි. පළමු තරගයේදී ශතකයක් රැස් කළ තිරිමාන්නට ඊයේ රැස් කළ හැකි වූයේ ලකුණු 43ක් පමණි.

    - Advertisement -

    ඉනිමේ 5 වැනි ඕවරයේ පළමු පන්දුවෙන් කුසල් ජනිත් පෙරේරා පිටියෙන් ඉවත් කිරීමට ඇන්ඩර්සන්ට හැකි වූයේ ජෝ රූට් උඩ පන්දුවක් රැක ගැනීමත් සමඟිනි. ඒ වන විට මුළු ලකුණු සංඛ්‍යාව 7ක් වූ අතර, ඉන් නොතැවතුණු ඇන්ඩර්සන් එම ඕවරයේ 5 වැනි පන්දුවෙන් අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි ඕෂධ ප්‍රනාන්දු යළි ක්‍රීඩාගාරයට හරවා යැව්වේය.

    පිට පිට ඉනිම 4කදී බින්දු 4කට දැවී ගොස් අවසන් ඉනිමේදී පමණක් ලකුණු 15ක් රැස් කළ කුසල් මෙන්ඩිස් වෙනුවට ඊයේ තරගයට ඕෂධ කැඳවා තිබූ අතර, ඔහුගේ ඉනිමද ලකුණු රැස් කිරීමට පෙර නිමාවීම කැපී පෙනිණි. ඕෂධ දැවී ගියේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි.

    ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 3ක් සමඟින් මේ තරගයට එක්වන අතර, එංගලන්තය එක් වෙනසක් සිදු කර තිබිණි.

    රමේෂ් මෙන්ඩිස් ඊයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජගත් ටෙස්ට් තරග වරම් හිමිකර ගත්තේ 154 වැනි ක්‍රීඩකයා ලෙසිනි. ඔහු සමඟින්

    ඕෂධ ප්‍රනාන්දු සහ සුරංග ලක්මාල් මේ තරගයට කැඳවා තිබිණි. ඒ වෙනුවට නිවාඩු යැවූ කුසල් මෙන්ඩිස් සමඟින් දසුන් ශානක සහ වනිඳු හසරංගට ස්ථානය අහිමි විය.

    එංගලන්තය වේග පන්දු යවන ස්ටුවර්ට් බ්‍රෝඩ් විවේක ගන්වමින් ඒ වෙනුවට ජෙම්ස් ඇන්ඩර්සන් කැඳවා තිබිණි.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.