24 C
Colombo
Sunday, March 7, 2021

එන්නතෙන් පසු දින 2කට වැඩියෙන් උණ නම් වෛද්‍ය උපදෙස් ගන්න – වෛද්‍ය හේමන්ත හේරත්

Author(s): සන්ධ්‍යා කරුණාරත්නකොවිඩ් එන්නත ගැනීමෙන් පසු කිසියම් පුද්ගලයකුට උණ ස්වභාවය දින දෙකකට වඩා පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය...
More

    Latest Posts

    ශ්‍රී ලංකාවේදී වැඩ පෙන්වූ ගුර්බාස් ඇෆ්ගනිස්තානයට ජය ගෙනෙයි

    - Advertisement -

    ජගත් එක්දින තරග වරම් හිමිකරගත් පළමු තරගයේදීම රමියුල්ලාහ් ගුර්බාස් රැස් කළ මංගල ශතකය හේතුවෙන් අයර්ලන්තය සමඟ අබුඩාබිහිදී පැවැති පළමු එක්දින තරග ලකුණු 16කින් ජය ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් විය.

    මේ සමඟින් අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට යටතේ පැවැත්වෙන තරග 3කින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද ඇෆ්ගනිස්තානයට හැකි විය.

    - Advertisement -

    තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ඇෆ්ගනිස්තානය දුන් ලකුණු 288ක ඉලක්කය හඹා ගිය අයර්ලන්තයට ඕවර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 271ක් පමණි.

    ලෝර්කන් ටක් ලකුණු 83ක් රැස් කරමින් අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, පන්දු යැවීමේදී නවීන් උල් හක් කඩුලු 3ක් දවා ගත්තේය.

    ජාවේඩ් අහමඩ් (38) සමඟින් පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන ඉනිම ඇරඹූ 19 හැවිරිදි රමියුල්ලාහ් ගුර්බාස් ලකුණු 127ක් රැස් කිරීමට සමත් විය. මංගල ජගත් එක්දින ඉනිම වූ මේ සඳහා පන්දු 127ක් පමණක් වැය කළ ගුර්බාස් හතරේ පහර 8කින් සහ හයේ පහර 9කින් ඉනිම වර්ණවත් කර ගත්තේය.

    - Advertisement -

    ලෝක එක්දින පිටියේ මංගල තරගයේදී පිතිකරුවකු රැස්කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව, පිතිකරුවකු රැස්කළ 16 ශතකය සහ ඇෆ්ගනිස්තානය වෙනුවෙන් මංගල තරගයේදී පිතිකරුවකු රැස් කළ පළමු ශතකය ලෙස ගුර්බාස්ගේ මේ ඉනිම වාර්තා අතරට එක් විය. ඔහු එල්ල කළ හයේ පහර 9 පළමු තරගයේදී පිතිකරුවකු එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙස ද වාර්තා පොතට එක් විය. ශ්‍රී ලංකාවේදී පළමු වරට පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කැන්ඩි ටස්කර් පිලට ක්‍රීඩා කළ ගුර්බාස් කැපී පෙනෙන පිතිකරුවෙක් විය. මේ තරගයේ ඉනිම අග භාගයේ වේගවත් ඉනිමක් දියත් කළ රිෂාඩ් ඛාන් ලකුණු 55ක් රැස් කළේ පන්දු 30කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමඟිනි. පන්දු යැවීමේදි ඇන්ඩි මැක්බ්‍රීන් කඩුලු 5ක් බිඳ දැමීමට සමත් විය.

    ඇෆ්ගනිස්තානයේ සත්කාරකත්වය මත අබුඩාබිහිදී පැවැත්වෙන මේ තරගාවලියේ දෙවැනි තරගය හෙට (24) පැවැත්වීමට නියමිතය.

     

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.