සංචාරක බුබුළු සංකල්පය යටතේ මෙරටට පැමිණි යුක්රේන සංචාරකයන් පිරිස සීගිරියේ කළ සංචාරය අතුරතුර එහි බිතු සිතුවම් ඡායාරූපගත කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් කරන ලෙසත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
සීගිරි බිතු සිතුවම් ඡායාරූප ගැනීමෙන් වළකින ලෙසට දැන්වීම් පවා ප්‍රදර්ශනය කර ඇති බවත් එසේ තිබියදීත් මේ පිරිස ඡායාරූප ගෙන ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.
සීගිරි කුරුටු ගීවලට හානි කරන ලදැයි යන චෝදනාව යටතේ මෙරට තරුණියක් පුරාවිද්‍යා පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වසර දෙකක දඬුවමකට ලක් කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
එබැවින් සීගිරි බිතුසිතුවම් ඡායාරූප ගත කර ඇති මේ පිරිසට එරෙහිව පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ.