24 C
Colombo
Sunday, March 7, 2021

එන්නතෙන් පසු දින 2කට වැඩියෙන් උණ නම් වෛද්‍ය උපදෙස් ගන්න – වෛද්‍ය හේමන්ත හේරත්

Author(s): සන්ධ්‍යා කරුණාරත්නකොවිඩ් එන්නත ගැනීමෙන් පසු කිසියම් පුද්ගලයකුට උණ ස්වභාවය දින දෙකකට වඩා පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය...
More

    Latest Posts

    ‘HYDEPARKING’ කොළඹ රථ ගාල

    - Advertisement -
    23 ජනවාරි, 2021

    පවතින කලබලකාරී වටපිටාව සහ වාහන තදබදය හේතුවෙන් කොළඹ නගරය තුළ වාහනයක් නවතා තැබීමට තැනක් සොයා ගැනීම ඉතා අමිහිරි අත්දැකීමකි. මේ සඳහා කදිම විසඳුමක් සපයමින් පසුගියදා කොළඹ 02, හයිඩ් පාර්ක් කෝනර්හි, අංක 75 දරන ස්ථානයේදී ‘HYDEPARKING’රථ ගාල විවෘත විය.

    සාපේක්ෂව සාධාරණ ගාස්තු යටතේ ඕනෑම වාහනයක් කොළඹ කේනද්‍රස්ථානය වන මෙම ප්‍රදේශයේ ‘HYDEPARKING’හි පහසුවෙන් මෙන්ම ඉතා ආරක්ෂාකාරීව නැවැත්වීමේ පහසුකම් ඇත.

    - Advertisement -

    මෙහිදී තමාට අවශ්‍ය පරිදි පැයකට, දිනකට, එක් රාත්‍රියකට හෝ මාසිකව ගෙවීමේ පැකේජ තෝරාගත හැකිය.

    මෙම රථ ගාල භාවිත කිරීමේ තවත් වාසියක් වන්නේ මෙහි වාහනය නවත්වා ඉන් පසු නගරශාලාව, කොල්ලුපිටිය, ගාලුමුවදොර, කොටුව, පිටකොටුව හෝ වාහන නැවැත්වීමේ පහසුකම් ඉතාමත් සීමිත වෙනත් තදාසන්න ප්‍රදේශයකට ගමන් කිරීමට ඔබට ‘HYDEPARKING’වෙතින්ම මෙහෙයවනු ලබන ත්‍රිරෝදරථයක් ලබා ගැනීමේ හැකියාවයි.

    හිරු රශ්මියෙන් මෙන්ම වර්ෂාවෙන් ඔබේ වාහනය ආරක්ෂා වන පරිදි ආවරණය කරන ලද භූමියක් තුළ දෛනිකව හෝ දිගු කාලීනව ගාල් කිරීමේ පහසුව සහ සීසීටීවී කැමරා ඔස්සේ මෙන්ම පැය 24 පුරා ක්‍රියාත්මක වන ආරක්ෂක සේවයක්ද ‘HYDEPARKING’ වෙතින් ඔබට ලැබේ. ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ‘HYDEPARKING’ කළමනාකරණය සහ මෙහෙයවීම සිදු කරනු ලබයි.ඉරිදා සහ පෝය දින හැර දිනපතා පෙ. ව. 7.00 සිට ප. ව. 10. 00 දක්වා ‘HYDEPARKING’විවෘතව ඇත.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.