- Advertisement -

භූගෝලීය පිහිටිම අනුව රටකට තියෙනවා ලෝක දේශපාලනය ඇතුළෙ ස්ථානීය වැදගත්කමක්.අපේ රට කියලා කියපු ගමන් අපේ මනසට එන්නෙ අපි දන්න ගොඩබිම.නමුත් ගොඩබිම තියෙන සම්පත්වලට වඩා වටින සම්පත් තියෙනවා අපේ මුහුදේ,තාම අපි හඳුනගෙනත් නෑ.
දැන් නාවික ගමනාගමන කතාවේදී දැවැන්ත නැව් එනව අපේ වරායට පහසුකම් ගන්න පති අපනයන කටයුතුවලට.ඒවා එන්න නම් අපිට ගැඹුරු මුහුදක් තියෙන්න ඕනේ.නැත්නම් එන්න බෑ.ඒකට මීටර් 18ක් හෝ ඊට වැඩි ගැඹුරක් ඕනේ.ඉතින් අපේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විතරයි ඒ ගැඹුරට හදල තියෙන්නේ.
මේ කතාකරන මොහොතේත් ඒකේ නැව් වැඩ.ඒක තමයි මේ දෙන්න යන්නේ.ඒක දුන්නට පස්සෙ වරාය අධිකාරියක් නෑ.නැව් නැති වරාය අධිකාරියක් තියෙනවා ඊට පස්සෙ.මේකෙ පිහිටිම ලෝක භූගෝලීය දේශපාලනය අනුව වටිනවා.ඉතින් අපිට දියුණු වෙන්න තියෙන්නෙත් මේක තමයි.හරි ආණ්ඩුවකට හරි පාලනයකට මේ පිහිටිම විසින් රට සම්පූර්ණයෙන්ම දියුණු කරන්නත් පුළුවන්.පාවා දෙන්නන්ට කොමිස් ගිලල රට සම්පූර්ණයෙන්ම විනාශකරල දාන්නත් පුළුවන්.
- Advertisement -
ජනතා විමුක්ති පෙරමුණේ ලාල්කාන්ත.
The post අපිට දියුණු වෙන්න තියෙන්නෙ මේ වරාය විතරයි…..ඒකත් විකුණන්නයි මේ හදන්නේ. appeared first on Lanka News Column.
- Advertisement -