- Advertisement -
අබුඩාබි සිට ත්‍රිකුණාමලයට සිමෙන්ති අමුද්‍රව්‍ය රැගෙන ආ නෞකාවක් හම්බන්තොට මුහුදේ කුඩා රාවණා ප්‍රදීපාගාරය අසල ගල් පරයක ගැටීමෙන් අනතුරකට ලක්ව ඇත.
අනතුරට ලක්වන අවස්ථාවේදී නැවේ 18 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිට තිබේ.
ඔවුන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව වාර්තා වෙයි.
අද දහවල් 2 ට පමණ ත්‍රිකුණාමලය වරායට මෙම නෞකාව සේන්දු වීමට නියමිතව තිබුණි.
මීටර් 180 ක් දිග මීටර් 30 ක් පමණ පළල ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ ‘යූරෝස’න් නැමති මෙම නෞකාව ගලවා ගැනීම සදහා නාවිකා හමුදාවේ යාත්‍රා කිහිපයක් යොදවා තිබේ.
- Advertisement -