බීච් වොලිබෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් බීච් වොලිබෝල් සංචිතයක් ආරම්භ කිරීමට ජාතික තරුණ සේවා සභාව මඟින් පියවර ගෙන තිබේ.
ජාතික තරුණ සේවා සභාවේ හෙයියන්තුඩුව පුහුණු මධ්‍යස්ථානයේදී නේවාසිකව පුහුණු වැඩ සටහන ක්‍රියාත්මක කරන අතර, ඒ සඳහා උනන්දුවක් දක්වන තරුණ, තරුණියන්ගෙන් ඉල්ලුම්පත් භාර ගැනීම මේ දිනවල සිදු කෙරේ. අවුරුදු 20ට අඩු ක්‍රීඩිකාවන්ගේ උස සෙ.මී 173ට වැඩි විය යුතු අතර, ක්‍රීඩකයන්ගේ උස සෙ.මී 180ට වැඩි යහපත් ශරීර යෝග්‍යතාවයකින් යුතුවීම බඳවා ගැනීමේ මූලික සුදුසුකමක් ලෙස සැලකේ.
බීච් වොලිබෝල් ක්‍රීඩාවේ ජයග්‍රහණ අත් කර ගෙන තිබීම හෝ මේ ක්‍රීඩාවේ නිරත වීම සංචිතයට බඳවා ගැනීමේ විශේෂ සුදුසුකමක් වනු ඇත. ප්‍රයෝගික හා න්‍යාත්මක දැනුමට අමතරව පුහුණු කාල සීමාව තුළදී ඉංග්‍රීසි භාෂාව, පරිගණක දැනුම දීමට කටයුතු යොදා ඇති අතර, අයැදුම්පත් භාර ගැනීම ලබන මස 10 වැනිදායින් අවසන් වේ. අයැදුම්පත් සහකාර අධ්යක්ෂ, ක්‍රීඩා අංශය, ජාතික තරුණ සේවා සභාව, හයිලෙවල් පාර, මහරගම යන ලිපිනයට යොමු කළ යුතුය.
වැලිගම සමූහ – ටී.කේ. මහින්ද