24 C
Colombo
Tuesday, March 2, 2021

පාස්කු වාර්තාව මඟින් රාජ්‍ය බුද්ධි අංශය දඬුකඳේ ගැසීමේ සූදානමක්

රණවිරුවන් ආරක්ෂා කිරීමට පැමිණි ආණ්ඩු පාර්ශ්වය පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාව මඟින් රාජ්‍ය බුද්ධි අංශය දඬුකඳේ ගැසීමට සූදානම් වන බව සමඟි ජන බලවේගයේ...
More

    Latest Posts

    මාලියද්දට දිවා – රාත්‍රී වොලිබෝල් පිටියක්

    - Advertisement -

    ජයග්‍රාහී බඹරැන්ද රියර් ලයන්ස් කණ්ඩායමට අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කුසලානය පිරිනැමු අයුරු.

    ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා දිවා රාත්‍රී වොලිබෝල් ක්‍රීඩාපිටි ඉදිකිරීමේ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ විසිපහක වියදමින් දික්වැල්ල මාලියද්ද විජය විද්‍යාල භූමියේ දිවා රාත්‍රී වොලිබෝල් ක්‍රීඩා පිටියක් ඉදි කෙරේ. විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අතින් පසුගියදා එම ක්‍රීඩා පිටිය විවෘත කෙරිණි.

    - Advertisement -

    රටක විනයත්, පුරවැසියකුගේ පෞරුෂයේ සමබරතාවත් රැකීම සඳහා ක්‍රීඩාව හා සෞන්දර්යය පරපුරකට අත්‍යවශ්‍ය බව මෙහිදී අදහස් දැක්වූ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

    ‘අප අධ්‍යාපනයෙන් පමනක් පෙරට ගිය ජාතියක් වුවත්, ලෝකයේ දියුණු යැයි සම්මත සමාජයන් නිර්මාණය වී තිබෙන්නේ ක්‍රීඩාව හා සෞන්දර්යය තුළිනුයි. ලෝකයේ දියුණු සියලු රටවල් සාර්ථකත්වයේ පදනමවූ විනය හා සමබරතාව ගොඩනැගී ඇත්තේ ක්‍රීඩාව හා සෞදර්යය තුළිනුයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට අනුව ක්‍රීඩාවට හා සෞන්දර්යයට විශේෂ ස්ථානයක් ලැබී ඇත්තේ ඒ නිසයි.’ අමාත්‍යවරයා කීවේය.

    ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති කිත්සර මුතුකුමාරණ, මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඔමිනි මුදලිගේ සහ තරුණ දේශපාලන ක්‍රියාකාරික චතුර තේනුවර මහත්වරු ද මෙහිදී අදහස් පළ කළහ.

    - Advertisement -

    බඹරැන්ද රියර් ලයන්ස් හා සුපර් හීරෝ කණ්ඩායම් අතර පැවති සුහද වොලිබෝල් තරගයකින් ක්‍රීඩා පිටිය ජනතා අයිතියට පිරිනැමුණු අතර, එම තරගය වට 3-2ක් ලෙස ජයගැනීමට බඹරැන්ද රියර් ලයන්ස් කණ්ඩායම සමත් විය.

     

    ජයසිරි පේදුරුආරච්චි – ගන්දර සමූහ

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.