24 C
Colombo
Saturday, February 27, 2021

ලේබල් ගැසීමට පෙර

                          ඇසුරුම්කරණයේදී පමණක් නොව මිනිසුන්ටද ලේබල් ගැසීමට අපේ ඈයෝ හරි හපන්නුය. එය සමාජය තුළ සෑම මොහොතකම සිදුවන්නකි. මිනිසා සාමූහික සත්ත්වයෙක් වශයෙන් ජීවත් වනුයේ ඔහුට තනිවම...
More

    Latest Posts

    ගුවන්යානයක් කඩා වැටී පාපන්දු ක්‍රීඩකයෝ 4ක් මරුට

    - Advertisement -

    බ්‍රසීලයේ ටොකැන්ටින්ස් ප්‍රාන්තයේ ගුවන් යානයක් ගුවන්ගත වී සුළු මොහොතකදී කඩා වැටීමෙන් එරට පැල්මාස් (Palmas FC) ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් සිවුදෙනකු ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා සහ ගුවන් නියමුවරයා මියයති. අදාළ ක්‍රීඩකයන් තරගාවලියක් සඳහා ගොස් ඇති අතර, එහිදි සිදුකළ කොරෝනා පරීක්ෂාවන්හිදී ඔවුන් ආසාදිතයන් බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන් යළි පැමිණීමට උත්සාහ ගැනීමේදී මෙම ගුවන් අනතුර සිදුව ඇත. ක්‍රීඩකයන් සිවුදෙනා මෑතකදී පැල්මාස් කණ්ඩායමට එක්ව සිටි අතර, ඔවුන්ගෙන් දෙදෙනකු වයස අවුරුදු 23 ක් වූ අතර වැඩිමහල් අය 27 සහ 28 විය. පල්මාස් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයාට වයස අවුරුදු 32 කි. වසර 2016 නොවැම්බරයේදී කොලොම්බියාවේ මෙවැනිම ඛේදවාචකයකින් පාපන්දු ක්‍රීඩකයන් 19 දෙනෙකු අහිමි විය. චැපෙකෝන්ස් ගුවන් අනතුරින් ක්‍රීඩකයන්, කණ්ඩායම් නායකයන්, මාධ්‍යවේදීන්, කාර්ය මණ්ඩලය සහ අමුත්තන් ඇතුළු පුද්ගලයන් 71 දෙනකු ගුවන් අනතුරෙන් මිය ගියහ.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.