ගාලු ජිම්නාස්ටික් පදනම විසින් තුන්වැනි වරටත් සංවිධාන කරනු ලැබූ දකුණු පළාත් පාසල් කනිෂ්ඨ ජිම්නාස්ටික් තරගාවලියේ වැඩි ගෞරවය අත්කර ගැනීමට ගාල්ල මහින්ද විදුහල සමත් විය. බාලක අංශයේ වයස් කාණ්ඩ 8කින් 6කදීම මහින්ද විදුහලේ ක්‍රීඩකයෝ තේරී පත්වූහ. කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයට අනුව පැවැති මේ තරගාවලියට වයස් කාණ්ඩ 8ක තරග ඉසව් ඇතුළත් විය.
පවතින තත්ත්වය මත ඇතැම් ප්‍රදේශවල දරු දැරියන්ට මේ තරගාවලියට සහභාගි වීමට නොහැකි වූ බැවින් සමස්ත ශූරතා සහ අනුශුරතා පිරි නැමීමක් සිදු නොවු අතර, විවිධ වයස් කාණ්ඩ අතරින් දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරා ගැනීම පමණක් සිදු කෙරිණි.
හිටපු පළාත්සභා මන්ත්‍රී චානක මාදුගොඩ, බෝපේ පොද්දල ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි ගයත්‍රී කාංචනා මදනායක, නාරංගොඩ ව්‍යාපාර සමුහයේ අධිපති විජිත ලොකුනාරංගොඩ, දෙවනපෙළ ජේලර් ලක්මාල් විජේවර්ධන, ජාතික ජිම්නාස්ටික් සංගමයේ භාණ්ඩාගාරික ලක්ෂ්මන් කළුආරච්චි, ගාලු ජිම්නාස්ටික් පදනමේ ලේකම් නිශාන්ත බටගොඩ මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් තරගාවලිය පැවැත්විණි.
තරග ප්‍රතිඵල මෙසේය.
බාලක
අවුරුදු 6 න් පහළ- කිරුල දිවනෙත් (ඇලෝසියස් විද්‍යාලය), අවුරුදු 7 න් පහළ – ඉනුර ඉම්නක (මහින්ද විද්‍යාලය), අවුරුදු 8 න් පහළ- ශනිත් සදරු (මහින්ද විද්‍යාලය), අවුරුදු 9 න් පහළ- රුහාන් කරුණානායක(මහින්ද විද්‍යාලය), අවුරුදු 10 න් පහළ- කිත්මි යසිත (මහින්ද විද්‍යාලය), අවුරුදු 11 න් පහළ- අදිශ අභිමාන් (සිරිදම්ම විද්‍යාලය), අවුරුදු 13 න් පහළ- උවිදු චිරාන් (මහින්ද විද්‍යාලය), අවුරුදු 15 න් පහළ- සත්මිර බටගොඩ (මහින්ද විද්‍යාලය)
බාලිකා
අවුරුදු 6 න් පහළ-සනුති පුදම්යා (ටෙල්ෆර්ඩ් ජාත්‍යන්තර පාසල), අවුරුදු 7 න් පහළ- යුමෙත්යා නෙතුසාලී (සංඝමිත්තා බාලිකා), අවුරුදු 8 න් පහළ-සෙනුදි සෙහන්සා (ඕපාත රාහුල විද්‍යාලය), අවුරුදු 9 න් පහළ-කවිශා නිර්මාණී (සවුත්ලන්ඩ් බාලිකා ), අවුරුදු 10 න් පහළ-ලෝචනා ඉසුරින්දි (සිරිදම්ම විද්‍යාලය), අවුරුදු 11 න් පහළ-සසදි දිසාදි (සංඝමිත්තා බාලිකා ), අවුරුදු 13 න් පහළ-රිසින්දි කිත්සාරා (සිරිදම්ම විද්‍යාලය ), අවුරුදු 15 න් පහළ-සිනලි රුහන්සා (සංඝමිත්ත බාලිකා ),
ඡායාරූපය – ඉමදුව සමූහ