24 C
Colombo
Thursday, February 25, 2021

ෂම්මි – මතිවානන් මුල්පුටුවට තරග වදිති

ක්‍රිකට් නිලවරණයට නාම යෝජනා බාර දෙයි බත්තරමුල්ලේ සීලරතන හිමි උපසභාපතිධුරයක් ඉල්ලයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකක කාලසීමාව සඳහා නිලධාරීන් පත් කර ගැනීම සඳහා නාමයෝජනා...
More

    Latest Posts

    මල්ලවපොර ඡන්ද විමසුමේ කොළඹ-මහනුවර පොරය අද

    - Advertisement -
    Author(s): 
    ප්‍රින්ස් ගුණසේකර

    විවිධ හේතු මත සිවුවතාවක් කල් ගිය ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදී අද පෙරවරු 10ට පැවැත්වෙයි. මෙවරත් කල්ගිය ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නිලවරණය සදහා දෙපාර්ශ්වයක් තරග වැදීමට නාම යෝජනා භාරදී ඇත. මහනුවර දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ සරත් හේවාවිතාරණ මහතා හා කොළඹ දිස්ත්‍රික් සංගමයේ නිරෝෂන් සංජීව මහතා මල්ලවපොර සම්මේලනයේ සභාපති පුටුවට තරග වදිති.

    එමෙන්ම ලේකම් තනතුරට සරත් හේවාවිතාරණ පාර්ශවයෙන් ගම්පහ දිස්ත්‍රික් සංගමයේ අජන්ත රත්නායක මහතා තරගවදින අතර, නිරෝෂන් සංජීව පාර්ශ්වයෙන් කොළඹ දිස්ත්‍රික් සංගමයේ ආර්. ජී. මෙන්ඩිස් මහතා තරගයට පිවිස සිටිති. ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සියලුම නිලතල වලට දෙපාර්ශ්වයක් නාමයෝජනා බාරදී ඇති හෙයින් අද දිනයේ තනතුරුවලට පත්වීම උදෙසා විශාල තරගකාරීත්වයක් නිර්මාණය වී තිබේ.

    - Advertisement -

    ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නිලවරණය අවසන් වරට 2017දී පැවැති අතර, ඉන් පසුව නිලවරණය පැවැත්වීමට ගත් සෑම අවස්ථාවක්ම අසාර්ථක විය. මල්ලවපොර සම්මේලනයේ නිලධාරීන් පිරිසකට චෝදනා එල්ලවීමෙන් පසුගිය කාලයේ විශේෂ විමර්ශනයක් පැවැති අතර, එහි වාර්තාව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත භාරදී තිබිණි. කොළඹ දිස්ත්‍රික් සංගමයේ නිලධාරියකු එම පැමිණිල්ල යොමු කොට තිබූ අතර, ක්‍රීඩා ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ එම විභාගය අවසන් වනතුරු නිලවරණය කල් දමන ලෙසය. ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නිලවරණයට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි දිස්ත්‍රික් සංගම් 13ක ඡන්ද ප්‍රකාශවීමට නියමිතය.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.