24 C
Colombo
Saturday, February 27, 2021

ලේබල් ගැසීමට පෙර

                          ඇසුරුම්කරණයේදී පමණක් නොව මිනිසුන්ටද ලේබල් ගැසීමට අපේ ඈයෝ හරි හපන්නුය. එය සමාජය තුළ සෑම මොහොතකම සිදුවන්නකි. මිනිසා සාමූහික සත්ත්වයෙක් වශයෙන් ජීවත් වනුයේ ඔහුට තනිවම...
More

    Latest Posts

    වොලිබෝලයට ඩයලොග් අත දෙයි

    - Advertisement -

    කොරෝනා වසංගත තත්ත්වයත් සමඟින් අක්‍රිය වූ රටේ වොලිබෝල් ක්‍රීඩාව යළිත් සක්‍රිය වීමේ පණිවුඩය රටට ගෙන යෑමේ අරමුණින් ජාතික වොලිබෝල් සංචිත යොදාගත් ‘අවදි කිරීමේ’ දෙදින වැඩසටහනක් පසුගියදා ගාල්ල ‘වොලිබෝල් හවුස්’ගෘහස්ථ ක්‍රීඩාංගණය ආශ්‍රිතව පැවැත්විණි. මේ සඳහා ජාතික වොලිබෝල් කණ්ඩායමේ අනුග්‍රාහක ඩයලොග් ආසියාටා සමාගම විසින් අනුග්‍රාහක දායකත්වය දී තිබිණි.

    ක්‍රීඩකයකු සිය පුහුණුවීම් ආරම්භ කරන ආකාරය, වොලිබෝල් තාක්ෂණික හැකියාවන් ආදිය මෙහිදී විදහා දැක්වූ අතර, ජාතික සංචිතයේ ක්‍රීඩකයන් අතර ප්‍රදර්ශනාත්මක තරග ද පැවැත්විණි.

    - Advertisement -

    මාර්ගෝපදේශනයන්ට අනුකූලව පැවැති අදාළ වැඩසටහනේ පළමු දිනය ජාතික සංචිතයේ ක්‍රීඩකයන් වෙනුවෙන් සහ දෙවැනි දිනය ජාතික සංචිතයේ ක්‍රීඩිකාවන් වෙනුවෙන් වෙන් වූ අතර, වොලිබෝල් සම්මේලනයේ සභාපති නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා මෙහිදී කියා සිටියේ තරගවලට පෙර ශ්‍රී ලංකා ජාතික සංචිතය මේ අයුරින් පුහුණුවීම්වල යෙදෙනු දැකීම සැබැවින්ම ධෛර්යය නංවන බවයි. සෟඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙවැනි ඉසවුවක් සංවිධාන කිරීමට හැකිවීම පිළිබඳ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ විධායක කණ්ඩායම ස්තුතිවන්ත වන බවත්, මෙවැනි පුහුණු තරගාවලියක් පැවැත්වීම සඳහා සහයෝගය දැක්වීම වෙනුවෙන්, ජාතික වොලිබෝල් කණ්ඩායමේ අනුග්‍රාහක ඩයලොග් ආසියාටා සමාගමටත් ස්තුතිය පිරිනමන බවත් සියඹලාපිටිය මහතා කියා සිටියේය.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.