24 C
Colombo
Tuesday, March 2, 2021

අතහැරදමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් යළි ඇරඹීමට අගමැතිගෙන් උපදෙස්

පසුගිය ආණ්ඩු සමයේ අත්හැර දමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට මුදල් සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ...
More

    Latest Posts

    එන්නත අකැමැති අයට දෙන්නේ නෑ ලලිත් වීරතුංග

    - Advertisement -

     

    ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ඇස්ට්‍රා-සෙනෙකා ‘කොවිෂීල්ඩ්‘ කොවිඩ් එන්නත දීම බලෙන් සිදු නොකරන බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පැවසීය.

    - Advertisement -

    ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ඇස්ට්‍රා-සෙනෙකා ‘කොවිෂීල්ඩ්‘ කොවිඩ් එන්නත් තොගය අද (28) මෙරටට ලැබීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

    එම එන්නත ගැනීම ස්වාධීන තීරණයක් බව පෙන්වා දුන් වීරතුංග මහතා එන්නත් ගැනීම සඳහා ජනතාවට ආරාධනා කරන බවත් එම එන්නත් විද ගන්නේද නැද්ද යන්න ඔවුන් විසින් ගත යුතු ස්වාධීන තීරණයක් බවත් පෙන්වා දුන්නේය.

    විදේශ එන්නත විදින අවස්ථාවේදී ඊට අදාළ කැමැත්ත ගැනීමට යම් අත්සනක් ගන්නා බව කියා සිටි ඒ මහතා එන්නත්කරණ වැඩසටහන සඳහා ජනතාව තෝරාගනු ලබන්නේ ජාතික මැතිවරණ කොමිසමේ නාම ලේඛනය යොදා ගෙන බවත් එම ලේඛනවල නම් සඳහන් නොවන ‘Resident visa holders‘ අය ගැන මේ අවස්ථාවේ තීරණයක් ගෙන නැති බවත් කී අතර ඔවුන් පිළිබඳ තීරණය කඩිනමින් ගන්නා බවත් කියා සිටියේය.

    - Advertisement -

    විදේශයෙන් ගෙන් වන කොවිඩ් ප්‍රතිශක්ති එන්නත සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ අදහස් පළ කළේය.

    ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ඇස්ට්‍රා-සෙනෙකා ‘කොවිෂීල්ඩ්‘ එන්නත් මාත්‍රා 500,000ක් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට දීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. එන්නත්කරණ වැඩසටහනේ ප්‍රමුඛත්වය රාජ්‍ය සේවයට අනුයුක්ත සෞඛ්‍ය සේවකයන්ටත් අනතුරුව කොවිඩ් මර්දන කටයුතු සඳහා දායකත්වය දෙන ආරක්ෂක හමුදා සහ පොලිස් නිලධාරීන්ටත් එන්නත් දීමට නියමිතය. පළමු මාත්‍රාව දී සති 3කට පසු දෙවැනි මාත්‍රාව දීමට කටයුතු කරනවා. අනෙක් අය සඳහා අවශ්‍ය එන්නත් ගැනීම සඳහා ද මේ වන විට කටයුතු කරමින් සිටිනවා. එහිදී ප්‍රමුඛත්වය ලැබෙන්නේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහායි යනුවෙන් කියා සිටි වීරතුංග මහතා සියලු දෙනාටම එන්නත් දෙනු ලබන්නේ නොමිලයේ බවද කීය.

     

    - Advertisement -

    සුභාෂිණී සේනානායක

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.