කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය තවදුරටත් ශ්‍රී ලංකා රජය සතුවන බවත් එය විදෙස් රටකට විකිණිමේ අවශ්‍යතාවයක් රජයට නොමැති බවත් පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.
විපක්ෂය ඇතුළු විවිධ පාර්ශ්ව ,මෙහි කොටස් අයිතිය 51%ක් රජය සතුව තබා ගැනීම පිළිබඳ කතා නොකරන අතර කිසිඳු අවසන් තීරණයකට පැමිණ නැති කොටස්වෙළෙඳපොළට යොමු කිරීමට අදහස් කෙරෙන 49%ක ප්‍රතිශතයක් ගැන ඔවුන් අසත්‍ය ප්‍රචාර සිදු කරන බවද ඇමැතිවරයා පවසයි.
ඊයේ (27)පරිසර අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා මෙම අදහස් පල කළ අතර ඒ සම්බන්ධයෙන් මෙසේද කීය.
මේ සම්බන්ධව වාද විවාද සිදු වෙනවා, විවිධ පාර්ශවයන් නොයෙකුත් අදහස් පළ කරනවා.සකච්ඡා සිදුවනවා. මේ සම්බන්ධව කැබිනට් මණ්ඩලය තීන්දුවක් ලබා දී නැහැ. බෙහෝ අය මගෙන් විමසීමක් කළා ලබන සඳුදා මේ සම්බන්ධව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වනවා නේද කියා. මා දැනුවත්ව නම් එවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වන්නේ නැහැ..
ඒවගේම, කොටස් වෙළෙඳපොළට යොදවන්නේ නම් එසේ යොදවන්නේ 49% ප්‍රතිශතයක් පමණයි, 51% සැම විටම රජය තබාගන්නවා.මේ 49% ක ප්‍රමාණය ලබා දෙන්නේකුමන රටකටද,විදේශීය සමාගමකටද දේශීය සමාගමකටද කිසිම අවසන් තීරණයකට රජය මේවන තෙක් එළඹී නැහැ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අප මේ ගැන සාකච්ඡා කළා. දේශිය සම්පත් විදෙස් රටවලට විකිණීම නොකළ යුතු බව අප පක්ෂය එකම තීන්දුවක සිටිනවා .ඒ බව අප ජනාධීපතිතුමන්ට දන්වා තිබෙනවා සෑම අවස්ථාවකදීම.ජනාධිපතිතුමන් ප්රමුඛ රජය අපේ සම්පත් විදේස් රටවලට විකිණිම හෝ බදුදීම සිදු කරන්නේ නැහැ.එම නිසා කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය විදෙස් රටකට පැවරීමක් සිදු වන්නේ නැති බව මා විශ්වාස කරනවා.‘යැයිද ඇමැතිවරයා අවධාරණය කළේය.
බුද්ධිකා ඉඹුලාන