24 C
Colombo
Thursday, February 25, 2021

ෂම්මි – මතිවානන් මුල්පුටුවට තරග වදිති

ක්‍රිකට් නිලවරණයට නාම යෝජනා බාර දෙයි බත්තරමුල්ලේ සීලරතන හිමි උපසභාපතිධුරයක් ඉල්ලයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකක කාලසීමාව සඳහා නිලධාරීන් පත් කර ගැනීම සඳහා නාමයෝජනා...
More

    Latest Posts

    ජනාධිපතිවරයා හොරු,,තක්කඩි,වංචාකාරයෝ සහ මිනී මරුවෝ නිදහස් කරනවා.

    - Advertisement -
    දේශපාලන පළිගැනීම්වලට මුවා වෙලා හොරු, මංකොල්ලකාරයෝ, දූෂිතයෝ පමණක් නෙවෙයි මිනීමරුවො පවා බේරාගන්න කරන උත්සාහයක් කොමිෂන් වාර්තාවේ නිර්දේශවලින් පැහැදිලි වෙනවා. රූපවාහිනී සංස්ථාව සම්බන්ධයෙන් කඩුවෙල උසාවියේ පැවති නඩුව අදාලව බැසිල් රාජපක්‍ෂ ඇතුළු අනිකුත් චූදිතයන් නිදොස් කොට නිදහස් කිරීමට මෙම කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා. උදය ගම්මන්පිලට නඩු දැම්මේ ඕස්ටේ්‍රලියානු ජාතික බ්‍රයන් ෂෙඩික් පෞද්ගලික මූල්‍ය ගණුදෙනුවක් සම්න්ධයෙන්. නමුත් මේ කොමිසමෙන් උදය ගම්මන්පිල මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ බී 2254/2015 නඩුවෙන් ගොණුකර ඇති සියලු චෝදනාවලින් සහ කොළඹ මහාධිකරණයේ අංක 8394/2016 හා 8395/2016 දරන අධි චෝදනාවලින් ඉල්ලා අස්කර ගැනීම මගින් එහි දැක්වෙන සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොමිසම තීරණය කරනවා. පුද්ගලික මූල්‍ය ගනුදෙනුවක් ගැන නඩුවක් දේශපාලන පළිගැනීමක් වෙන්නේ කොහොමද? ඉතා නිර්ලජ්ජිත විදිහට ඒ නඩුව ඉල්ලා අස්කර ගන්නත් නිර්දේශ කර නඩුව දාපු අයට විරුද්ධව කටයුතු කරන්නත් නිර්දේශ කරනවා.

     

    යෝෂිත රාජපක්‍ෂට එරෙහිව තිබුණු නඩුවේ සියලු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කළ යුතු බව තීරණය කරනවා. උසාවියේ තියෙන නඩුවක් සම්බන්ධයෙන් කොමිෂන් සභාව නිර්දේශ දී තිබෙනවා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළ අයට විරුද්ධව කටයුතු කරන්නත් නිර්දේශ කරනවා. නාලක ගොඩහේවාට විරුද්ධව තියෙන නඩුවෙනුත් ඔහු නිදහස් කරන්න නිර්දේශ කරනවා. කවුරුත් දන්නවා, පිල්ලෙයාන් නිදොස් කොට නිදහස් කළ බව. හේතුව වුණේ නීතිපතිවරයා විසින් චෝදනා ඉල්ලා අස්කර ගැනීමයි. “සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් මහතාට එරෙහිව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොණුකර ඇති බී 1357/05 දරන බී වාර්තාවේ සියලු චෝදනාවලින් සහ මඩකලපුව මහාධිකරණයේ එච්.සී.ඩී./3057/17 දරන අධි චෝදනාපත්‍ර ඉල්ලා අස්කර ගැනීම, එකී චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.” මිනීමැරුම් චෝදනා තිබෙන පිල්ලෙයාන්ව නිදොස් කොට නිදහස් කළේ මේ විදිහටයි.

     

    ජාලිය වික්‍රමසූරිය සම්බන්ධයෙන් තිබෙන නඩුව සම්බන්ධ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර විදේශ ගමන් තහනම ඉවත් කිරීමට අදාල අංශ වහාම ක්‍රියාත්මක විය යුතු බව නිර්දේශ කර තියෙනවා. ඔහු උසාවියට ඉදිරිපත් වෙන්නේ නැතිව ඉඳලා පස්සේ කාලකදී ඉදිරිපත් වුණා. නැවත රටෙන් පැන්නා. දැන් ලංකාවෙත් නැහැ. පැනලා ගිය කෙනෙකුත් නිදොස් කොට නිදහස් කරනවා. ඔහුට විරුද්ධව නඩු දාපු අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා නිර්දේශ කරනවා. නිශ්ශංක සේනාධිපති කියන්නේ ඇවන්ගාඩ් සමාගම පවත්වාගෙන යමින් මහජන මුදල් විනාශ කරපු කුප්‍රකට ව්‍යාපාරිකයෙක්. ඔහු රාජ්‍ය සේවකයෙක් නෙවෙයි. ඔහු මේ කොමිසමට අදාල නැහැ.
    - Advertisement -

     

    ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක්ව සිටි දමයන්ති ජයරත්නත් මේ කුප්‍රකට ව්‍යාපාරිකයත් එක්ක දූෂණයට සම්බන්ධයි. මේ දෙදෙනාටම තියෙන චෝදනා ඉල්ලා අස්කර ගන්න නිර්දේශ කර තිබෙනවා. ඒ වගේම හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායක ධූරයෙන් ඉවත් කළ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අසල කළහකාරීව හැසිරුණු, දූෂණ චෝදනා තිබෙන මහින්ද කහඳගමගේ පවා නිදහස් කරන්න නිර්දේශ කරනවා. හිටපු විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම විදේශ ගමනකදී අධික වියදම් තුළින් රජයේ මුදල් අවභාවිතා කළ කියලා චෝදනාව එල්ල වී තිබෙනවා. එම නඩුවත් ඉල්ලා අස්කර ගන්න නිර්දේශ දෙනවා. ද්වේශසහගත උත්සාහයක් නිසා රෝහිත බෝගොල්ලාගමට චෝදනා කළ බව කොමිසම සඳහන් කරනවා.

     

    අපේ රටේ යුද්ධය තිබුණු වෙලාවේ ජනතාව අසීමිත කැපකිරීම් කළා. නමුත් උදයංග වීරතුංගලා මිග් යානා ගෙන්වීමේදී විශාල මූල්‍ය වංචාවක් කළා. ඔහුත් සියලු චෝදනාවලින් නිදහස් කරන්න නිර්දේශ කරනවා. “නීතිපතිවරයා මැදිහත්ව වැඩිදුරටත් ක්‍රියා නොකරන බව අධිකරණයට වාර්තා කරන්න” කියලා නිර්දේශ කරනවා. පහුගිය කාලය පුරාවට හැංගිල හිටිය උදයංග වීරතුංග කළ වංචා පිළිබඳව නිදහස් කරනන් නිර්දේශ කරනවා. ජනාධිපති කොමිෂන් සභාව මේ වගේ නිර්දේශයක් කරන්නේ කොහොමද? විවිධ චෝදනා ගණනාවක් තිබෙන අය  චෝදනාවලින් නිදහස් කර යවන්න නිර්දේශ ඉදිරිපත් කරනවා. දූෂිත නිළධාරියෙක් වූ නීල් බණ්ඩාරට විරුද්ධව තිබෙන චෝදනාවලින් නිදහස් කර දේශීය හෝ විදේශීය ආර්ථික උපදේශකවරයෙකු වශයෙන් තනතුරුවලට සුදුසු බවත් කොමිසම නිර්දේශ කරනවා. මේ කොමිෂන් සභාවට මෙවැනි නිර්දේශයක් කරන්න බලය ලැබුණේ කොහොමද? ඒ වගේම මුළු ලෝකයේම ජීවත් වන ශ්‍රී ලාංකිකයන් දන්නා මල්වානේ නිවස පිළිබඳ නඩුවෙනුත් බැසිල් රාජපක්‍ෂ නිදහස් කරන්න නිර්දේශ කරනවා. මේ වගේ මතභේදකාරී නිර්දේශ ඉදිරිපත්කර තිබෙනවා. පහුගිය කාලයේ මහා පරිමාණ වංචා-දූෂණ සිදුකළ සියලු දෙනාවම නිදොස් කොට නිදහස් කරන්න නිර්දේශකර තිබෙනවා. දේශපාලන පලිගැනීම්වලට මුවා වෙලා හොරු, තක්කඩි වංචාකාරයෝ සහ මිනී මරුවෝ නිදහස් කරගන්න ගෙනියන මේ උත්සාහය මේ රටේ ජනතාව කිසි සේත්ම අනුමත කරන්නේ නැහැ කියන එක අපිට විශ්වාසයි.

     

    ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්.
    - Advertisement -

    The post ජනාධිපතිවරයා හොරු,,තක්කඩි,වංචාකාරයෝ සහ මිනී මරුවෝ නිදහස් කරනවා. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.