24 C
Colombo
Tuesday, March 2, 2021

පාස්කු වාර්තාව මඟින් රාජ්‍ය බුද්ධි අංශය දඬුකඳේ ගැසීමේ සූදානමක්

රණවිරුවන් ආරක්ෂා කිරීමට පැමිණි ආණ්ඩු පාර්ශ්වය පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාව මඟින් රාජ්‍ය බුද්ධි අංශය දඬුකඳේ ගැසීමට සූදානම් වන බව සමඟි ජන බලවේගයේ...
More

    Latest Posts

    නවසීලන්තයෙන් යළිත් කොවිඩ් ආසාදිත කාන්තාවක්

    - Advertisement -
    කොවිඩ් – 19 රෝගය සාර්ථක ලෙස පාලනය කළ නවසීලන්තයෙන් මාස දෙකකට වැඩි කාලයකට පසු ප්‍රථම රෝගියා වාර්තා වී ඇත.
     
    එරට සෞඛ්‍ය බලධාරීන් සදහන් කර ඇත්තේ මෑතකදී යුරෝපයේ සිට ආපසු පැමිණි 56 හැවිරිදි කාන්තාවක් මෙලෙස හදුනාගෙන ඇති බවය. 
     
    දකුණු අප්‍රිකාවේ ව්‍යාප්තවන නව කොරෝනා වෛරසය ඇයට ආසාදනය වී ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
     
    ඇයගේ සම්බන්ධතා සොයා ගැනීම සදහා මේවන විට බලධාරීන් කටයුතු කරමින් සිටින අතර එම කාන්තාව නැරඹූ ස්ථාන ලැයිස්තුවක් ද ප්‍රකාශයට පත් කර තිබේ. 
     
    කොවිඩ් වසංගතයට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් නවසීලන්තය පුළුල් ලෙස පැසසුමට ලක්විය.
     
    මිලියන පහක ජනගහනයක් සිටින නවසීලන්තයේ වසංගතය තුළ තහවුරු වූ ආසාදිතයින් ගණන 1,927 ක් වූ අතර මරණ 25 ක් වාර්තා වී තිබේ.
    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.